නිරිත දෙසින් භමා ආ මද සුලග මියොන්ග්බින් අග රැජිණියගේ රාජකීය උද්‍යානය සිසාරා හමා ගියා. රෝසමල් වලින් පිරුණු උද්‍යානයේ ඉහලම කොටසහි සිටින රණශූර, ප්‍රතාපවත් තරුණයෙක්. ඔහුගේ උකුස්සකුගේ මෙන් තියුණු දෑස් ඒ මොහොතේ කඳුලින් තෙත් ව පැවතුනා.නියම පෞරුෂයක් හා කඩවසම් බවකින් යුක්ත වූ ඔහුගේ දෙකොපුල් හරහා ගිය කදුලැලි වලින් ඒ කඩවසම් බවට කිසිදු හානියක් වී තිබුනේ නැහැ.
මෑණියනි...මගෙ චූටි රෝස මල....ඇයි ඔබ දෙදෙනා විතරක් ගියේ...මගේ මුලු ලෝකෙම..මගේ පවුල...ඇයි ඔබල සියල්ලක්‌ම මා පමණක් තනි කර දමා ගියේ...මේ විශාල රාජධානියෙ මම තනිවෙලා වගේ දැනෙනව මෑණියනි.....පියාණන් මා කුඩා කල ම හැර ගියා. මිත්තණියත් බොහෝ විට අසනීපෙන්....තව නොබෝ දිනකින් ඇයත් මාව තනිකර දමා යාවි....වෙදදුරුත් පැවසුව මේ ඇගේ අවසන් කාල සීමාව බව......
ඈතින් පෙනෙන කඳු ශිඛරත් ඒ සමගම පෙනෙන අලංකාර ධවල පැහැති දෙව්මැදුරත් ඔහුගේ සිතට යම් සහනයක් ගෙන ආවා.
නොදැනුවත්ව ම සිය දෙකොපුල් හරහා වැටුණු කදුලු බිදු පිසදමද්දී, අද්භූත ලෙස පිස දැමූ කොපුලකට තරමක් විශාල දිය බිඳු කීපයක් එක පෙලට කඩන් හැලුනා. තිගැස්සුණ ඔහු තම හිස අහස දෙසට යොමු කරත්ම වැටුනු බිදු ඔහුගේ දෙතොල් හරහා ගලා ගියා.එහි තිබූ ලුණු මිශ්‍ර බවෙන් ඔහුට වැටහුනේ එය කදුලු බිදු බවයි. නමුත් ඒවා ඔහුගේ නොවේ නම්.....
එසේ නම් ඒ කතා සත්‍යයක්ද , වලාකුලක සේයාවකුදු නොමැති අහසින් වැසි පොද වැටෙනවද අනික මේ තද ග්‍රීස්ම සමයේ. මිත්තණිය පවසා තිබෙන්නෙ අහේතුක ව අහසින් දිය බිදු වැටේ නම් ඒ කවුරුන් හෝ විශාල දුකකින් හඩන විට බවයි.නමුත් කවුරුන්ද මේ මොහොතේ මටත් වඩා දුකින් පසුවන්නේ .....
"අධිරජුනි...."
රාජධානි 12 කින් සමන්විත ඇවලෝර් අධිරාජ්‍යයේ වත්මන් අධිරාජ්‍යයා වන ජියොන් ජන්ග්කුක්ගේ මෙතරම් වේලා සිට නිමග්නව සිටි කල්පනාව බිද වැටුනේ හුරුපුරුදු කටහඬක් සවනත ගැටීමෙනි.
කළු වර්ණයට වඩාත් ඇලුම් කල ඔහු හැද සිටි කළු පැහැයෙන් නිම කල රාජකීය ඇඳුම් පැළඳුම් හා ඉන වටා පිහිටි බඳ පටියේ රැඳවූ රාජකීය මුද්‍රාව සහිත අසිපත නිසා ,ඔහුගේ තේජස හා පෞරුෂය වඩාත් කැපී පෙනුනා.
ඉදුණු පීච් ගෙඩියක පැහැ ගත් නා දළු මෙන් වූ රත් පැහැ දෙතොලත්, යටි තොලට මඳක් පහළින් පිහිටි උපත් සලකුණත් නිසා ඔහුට ම ආවේණික වූ සුන්දරත්වය මනා ව කැපී පෙනුනා.
YOU ARE READING
𝐒𝐓𝐈𝐋𝐋 𝐖𝐈𝐓𝐇 𝐘𝐎𝐔 | TAEKOOK | ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ
Romanceමනුෂ්‍යයෙකුට තම සීමාවෙන් බැහැරව උපකාර කිරීම යන වරදට දඬුවමක් ලෙස මනුෂ්‍ය ලෝකයට පිටුවහල් කළ කරුණාබරිත එක් සුවිශේෂී සුරදූතයෙකුගේත් , දුටු පළමු වරින්ම සිත්ගත් ඔහු කෙරෙහි සෙනෙහසක් ඇති වුනු ශක්තිමත් සහ සාමකාමී අධිරාජ්‍යයක් තනන්නට වෙර දරන එක් අධිරජකුගේත්...