04. Broken Promise and Poison ♠️

1.5K 227 420
                                    

"ඔබ දන්නවද.. අපේ අධිරජු හා ඔහුගේ ආදරණීය කුමරුන් ඉතාමත් සුන්දරලු! "

"එසේද?"

"ඔව් ඔව්"

"නිවැරදියි මටත් අසන්නට ලැබුනා "

"ඔව් . මගේ දියණිය මුලුතැන්ගෙයි පාලිකාවක් නේ. පෙරදින ඇයටත් අධිරජුන්ගේ කුටියට ආහාර ගෙනයන්නට ලැබිලා. එහිදී  ඇය දැකලා අධිරජු හා කුමරු එකට සිටිනවා. ඔවුන් බොහොම ආදරණීය ලෙසින් ලු හැසිරුනේ "

"ඕහ්හ්හ්"

"අනේ ඇත්තමද "

"කෙතරම් වාසනාවක්ද "

"නැතුව! අධිරජු සැවොම ඉදිරියේ නොබියව කුමරුන්ට කුඩා හාදුවකුත් දීලා"

"දෙවියනේ!!"

"අපේ අධිරජුන් කොහොමත් ආදරණීයයි දයාබරයි නේ. "

"නිවැරදියි. මහජනයා වන අපටත් එතුමා බොහෝ කාරුණිකයි. දයාබරයි. ඉතින් තමාගේම සහකරුට කෙසේ ඇතිද! "

"ඔබ අසා තිබෙද..දුටු සමහරුන් පවසනවා ඔවුන් සුරදූත යුවළක් මෙන් බව"

"ආහ්හ්.. අනේ මටත් ආසයි ඔවුන්ව එක්වරක් හෝ සියැසින් දැක බලා ගන්නට"

"ඔබට හැකි වේවි. අධිරජු අද සවස වීදි සංචාරයක නිරත වන බවට කටකතාවක් යනවා. එය නිවැරදි නම් සමහරවිට එතුමා සමඟ කුමරුනුත් පැමිණේවි...!!"

දින ගණන් ගත වෙද්දී මෙලෙස මුළු අධිරාජධානිය පුරාම කතා වූ සුන්දර ම පුවත වුනේ අධිරාජ්‍යයා හා ටේ හ්යුන්ගේ ආදරය.එය තවදුරටත් කිසිවකුට රහසක් වූයේ නැහැ...මාලිගයේ මෙන්ම මාලිගයෙන් බැහැර ජනයාත් සියලුම දෙනා පාහේ ටේ,ජන්ග්කුක්ගේ සහකරු බවට පත් වනවාට බොහෝ සෙයින් කැමති උනා.
ජන්ග්කුක් නිතරම ජනතාවට විවෘත අධිරාජ්‍යයෙකු වුනා....ඔහු ඉඩ ලද බොහෝ විටකම වාගේ මාලිගයෙන් පිටතට ගොස් ජනතාවගේ සුව දුක් සොයා බලන්නෙක් වුනා.එනිසා ජනතාව පවා ඔහුට ඉතා ආදරය කලා එමෙන්ම ගෞරව කලා.

ජන්ග්කුක්ට අවශ්‍ය වුනේ සාමය. ඇවලෝර් හි යටත් රාජධානි දොළොසේම පාලකයින් ජන්ග්කුක්ගේ මිතුරන් වුනා.සමහර විට මිතුරන්ටත් වඩා සහෝදරයන් මෙන් වුනා.සෑම රාජ්‍යයකටම සම අයිතිවාසිකම් බෙදී ගොස් තිබූ නිසාම ඔවුන් අතර ගැටුම් ඉතා අවමයක් වුනා.

𝐒𝐓𝐈𝐋𝐋 𝐖𝐈𝐓𝐇 𝐘𝐎𝐔 | TAEKOOK | ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅWhere stories live. Discover now