මෙතෙක් වේලා වනය තුල වූ නිහඩ සාමකාමී බව නැති වූයේ නිමේෂයකින්. සිහිල් ව හමමින් තිබූ සුළගත්, සතුන්ගේ සුමියුරු හඬත් එක්වරම නැවතුනා. පරිසරය කම්පා වී මෙන් අහස ගිගුරුම් දෙන්නට වුනා. ජන්ග්කුක් , හ්වායුන් හා ඔවුන් සමග පැමිණි ප්‍රධාන ආරක්ෂක හා දෙවන ප්‍රධාන ආරක්ෂක යන සියල්ලන්ගේම අශ්වයන් කලබලකාරී ලෙස බියෙන් හඩ නැගුවා. හ්වායුන් තම අසු කෙතරම් ඉදිරියට මෙහෙය වන්නට උත්සාහ කලත් අසු එක් අඩියක් වත් පෙරට තැබුවේ නෑ.ඒ වෙනුවට අශ්වයින් සිව් දෙනාම පසුපසට යන්නට වුනේ බිය මුසු හඩක් නඟමින්.
නමුත් තවමත් එක් දෙයක් නොවෙනස්ව තිබුනා.ඒ ජන්ග්කුක්ගේ දෑස්. ඒවා පොකුණ අසල ඇලයට වැතිරී වේදනාවෙන් කෙඳිරි ගාන රන්වන් මුවා දෙසටම යොමු වී තිබුනා.
ඔව්....හ්වායුන් ගෙ ඉලක්කය නිවැරදියි. දුනු විදීමට අතිදක්ෂ වූ ඇගේ දුන්නෙන් ගිලිහුන හීය මුවකුගේ ස්වරූපයෙන් සිටි ටේ හ්යුන්ගේ දකුණු ඇලය තුලට කිදා බැස තිබුනා. ඔහු නැගී සිටීමට උත්සාහ දැරුවත් හීය නිසා ඔහුට වාරු ගැනීමට නොහැකි වුනා.එක්වරම දැඩි සුළඟක් හමා යන්නට උනේ කැලෑබද මාර්ගය පීරමින්.
"ජ-ජන්ග්කුක් !? කුමක්ද මේ සිදුවන්නේ? "
"මා ඔබට පැවසුවා නොවෙද හ්වායුන් , ඌට නොවිදින ලෙස. ආශ්......ඔබ පිටව යන්න මා ඌව රැගෙන එන්නම්."
"ඒත් , "
"ඔබට පෙනෙන්නෙ නැද්ද පරිසරය හිටි හැටියෙම හේතුවක් නොමැතිව ප්රචණ්ඩ වුනා.ඔබ යන්න මා මේ ගැන බලන්නම් යන්න ඉක්මනින් මාලිගය වෙත.ඔබේ ආරක්ෂාවයි වැදගත්."
"ඒත් අනේ.. ජන්ග්කුක්....මමත් ....."
"ප්‍රධාන ආරක්ෂක හෝසොක් , " ජන්ග්කුක් අසු මත සිටි ප්‍රධාන ආරක්ෂක අමතා පැවසුවා.
"අධිරජුනි..? "
"මැයව ආරක්ෂිතව නැවත මාලිගය වෙත රැගෙන යන්න. වැටහුනාද.මා ඉක්මනින් පැමිණෙන්නම් "
"එසේයි , නමුත් ඔබතුමා...." ඔහු පැවසීමට ආ දෙය ගිල ගත්තේ ජන්ග් රජුගේ කෝපය පිරි දෑස් දැකීමෙන්. ජන්ග් මෙතරම් කෝප වී තිබුනේ මීට පෙර එක්වරක් පමණයි .ඒ තම මෑණියන් හා නැගනිය මිය ගිය පසු ඊට වගකිව යුතු පුද්ගලයා අල්ලාගත නොහැකි වූ විට පමණයි. නමුත් දැන් ඇයි ???
YOU ARE READING
𝐒𝐓𝐈𝐋𝐋 𝐖𝐈𝐓𝐇 𝐘𝐎𝐔 | TAEKOOK | ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ
Romanceමනුෂ්‍යයෙකුට තම සීමාවෙන් බැහැරව උපකාර කිරීම යන වරදට දඬුවමක් ලෙස මනුෂ්‍ය ලෝකයට පිටුවහල් කළ කරුණාබරිත එක් සුවිශේෂී සුරදූතයෙකුගේත් , දුටු පළමු වරින්ම සිත්ගත් ඔහු කෙරෙහි සෙනෙහසක් ඇති වුනු ශක්තිමත් සහ සාමකාමී අධිරාජ්‍යයක් තනන්නට වෙර දරන එක් අධිරජකුගේත්...