05. Making Love - I ♠️

1.5K 222 367
                                    


★ PART ONE - GUARDIAN ANGEL ★

.
.
.
.
"අපට කමා කරන්න අධිරජුනි...."

"කු-කුමක්ද..පවසන්නෙ...ආහ් ? ම-ගේ ටේහ්යුන්..ම-මගේ කුමරුන් හොදින් නේද....?...ආ...පවසනවා....මට.."

"ටේ හ්යුන් කුම--"

"ඉවත් වනවා..!.මා හට ඇතුල් වීමට අවශ්‍යයි..."

"අධිරජුනි..!..."

කුටිය තුලට දිව ආ ජන්ග්කුක් සයනය අසල නැවතුනේ තමා ඉදිරිපිට ඇති දර්ශනය ඔහුගේ දෙපා අඩපණ කළ නිසාවෙන්.

සයනය මත තම ජීවිතය වෙනුවෙන් මරණය සමග සටන් කරමින් සිටියේ තම එකම ආදරය, කිසිදිනක අවිශ්වාස නොකරන බවට පොරොන්දු වූ , තම පණටත් වඩා රකින බව පැවසූ තමාගේ ආදරය, එකම සහ ප්‍රථම ආදරය, ටේ හ්යුන්...

ටේ හ්යුන් දුර්වල ව සයනය මත වැතිර සිටියේ අපහසුවෙන් හුස්ම ඉහළට අදිමින්. ඔහු වටා සිටි වෛද්‍යතුමා සහ හෙදියන් ඔහුට ඖෂධ පොවමින් සිටියත් ඒවා ඔහුගේ මුවින් නැවත පිටතට ගලා ආවා. ඔහුගේ නාසයෙන් තවමත් රුධිරය ගලමින් තිබුනා.

"අපට කමා කරන්න අධිරජුනි...නමුත් ටේ හ්යුන් කුමරු ඖෂධ පානය කරන්නේ නැහැ.ශරීරගත වූ විෂ සදහා අප ප්‍රති විෂ ඖෂධ ලබා දුන්නත් ඒවා කුමරුගේ ශරීරය ප්‍රතික්ෂේප කරනවා. මා සිතන්නේ කුමරුන් දැනටමත් ජීවිතය වෙනුවෙන් සටන් කිරීම අත්හැර දමලා. "

"නැ..නැහැ..එසේ විය නොහැකි යි...ම..මගේ...ටේහ්යුන්.. ජීවත්..විය යුතුයි....ඔ...ඔහුට නොහැකියි..මා දමා යන්නට..."

"ඔබතුමා උත්සාහ කරන්න අධිරජුනි.කුමරු ඔබතුමා අතින් පොවන විට එය පිළිගනීවි.."

"ඒ..ඒ...පෙරදියි වෛද්‍යතුමා...ඔහුට..දැ..දැන්..මාව..විශ්වාස නැහැ...මමයි...මේ සියල්ලටම වගකිව යුත්තා..."

"බලාපොරොත්තු අත්හැර ගන්න එපා අධිරජුනි...අප තවමත් ප්‍රමාද නැහැ..උත්සාහ කරන්න. "

වෛද්‍යතුමාගෙන් ඖෂධ බඳුන ලබාගත් ජන්ග්කුක් වෙව්ලන දෑතින් ඖෂධ ටේ හ්යුන්ට පොවන්නට වුනා.ඔහුට කදුලු නිසා දෑස් පෙනුනේද බොඳ වී. නමුත් වෙනසක් නැහැ...ටේගේ මුවට ඖෂධ ඇතුලු වුනත් කැස්සක් සමග ඒවා මුවින් නැවතත් පිටවුණා.
ඉකි ගසමින් සිටි ජන්ග්කුක් මහ හඬින් හඩන්නට පටන් ගත්තේ මෙවිටයි.

𝐒𝐓𝐈𝐋𝐋 𝐖𝐈𝐓𝐇 𝐘𝐎𝐔 | TAEKOOK | ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅWhere stories live. Discover now