දෙදිනක් පමණ ගත වද්දී ටේ හ්යුන් කෙමෙන් සුවය ලැබුවා.මුලදී ඔහු ඖෂධ අකමැත්තෙන් වුවද පානය කලත් පසුව ඔහු එය තරයේම ප්‍රතික්ෂේප කලා.
ඒ ඖෂධ සැබවින්ම ඉතා තිත්ත හා අප්‍රසන්න සුවඳකින් යුතු වුනා.
හෝසොක්ටවත් , වෛද්‍ය තුමාටවත් , මිත්තණියටවත් ,කිසිදු හෙදියකටවත් අවනත නොවූ ටේ හ්යුන් ඖෂධ ඉතා අකමැත්තෙන් වුවත් පානය කලේ ජන්ග්කුක් පොවන විට පමණයි.
නමුත් ඊට ජන්ග්කුක්ට ඉතා වෙහෙසෙන්නට සිදුවුනා.වරෙක ඖෂධ පෙවීමට ජන්ග්කුක්ට ටේ හ්යුන් පසු පස මුලු කාමරය පුරාම දුවන්නට වුනා. එය අවසන් වුනේ ටේ හ්යුන් ලිස්සා වැටී නැවත තුවාලය පෑරී අතිරේක ඖෂධ වට්ටෝරුවකුත් ඔහුට නියම වීමෙන්.
අවසානයේ තුවාලය පෑරීමෙන් අලුත උපන් බිලිදකු මෙන් නොනවත්වා හඩන ටේ හ්යුන්ව සනසන්නටත්, නිරපරාදේ මිත්තණියගෙන් බැනුම් අසන්නටත්, ටේ හ්යුන්ව තැනින් තැනට ඔසවාගෙන යාමටත් සිදු වූයේ සෑම පසකින්ම අසරණ ව සිටි අධිරාජ්‍යයාට යි.
අනෙක් අතින් ජන්ග්කුක් ඒ සෑම දෙයකටම සිත තුලින් සතුටු වුනා.
.
.
.
."ටේ ඔබ ඔය කුමක්ද කරන්නෙ? " දහවල් ආහාරයෙන් පසු ජන්ග්කුක් සිය කුටියට එන විට සයනයෙන් බැසීමට සූදානම් වූ ටේ හ්යුන්ගෙන් ඔහු විමසුවා.
"මට...මට..මේ..අරහෙට යන්න අවශ්‍යයි"
"කොහෙටද ටේ ? යාමට අවශ්‍ය ස්ථානය පවසන්න. මා ඔබව රැගෙන යන්නම්. "
"නෑ නෑ ඔබට එතනට පැමිණිය නොහැකියි."
"ඇයි නොහැකි? මගේ මාලිගයේ ඕනෑම ස්ථානයකට යාමට මට හැකියි."
"නෑ..නෑ..එතනට තනිවයි යා යුතු....."
"නැහැ.කෙසේවත් නෑ.ඔබට යාමට අවශ්‍ය නම් ස්ථානය පවසන්න. නමුත් තනිව නම් යාමට ඉඩ දිය නොහැකියි.."
"ආ...මට ..මට ..අන්න අතනට යාමටයි අවශ්‍ය..." ටේ හ්යුන් නාන කාමරය දෙසට ඇඟිල්ල දිගු කරමින් පැවසුවා.
"ඉතින් ඉන්න මම ඔබව රැගෙන යන්නම්..." ජන්ග්කුක් සිනාව තදකරගෙන පැවසුවා.සයනය අසලට ගිය ඔහු ටේ හ්යුන්ව සිය දෑත් අතරට ගත්තා.
YOU ARE READING
𝐒𝐓𝐈𝐋𝐋 𝐖𝐈𝐓𝐇 𝐘𝐎𝐔 | TAEKOOK | ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ
Romanceමනුෂ්‍යයෙකුට තම සීමාවෙන් බැහැරව උපකාර කිරීම යන වරදට දඬුවමක් ලෙස මනුෂ්‍ය ලෝකයට පිටුවහල් කළ කරුණාබරිත එක් සුවිශේෂී සුරදූතයෙකුගේත් , දුටු පළමු වරින්ම සිත්ගත් ඔහු කෙරෙහි සෙනෙහසක් ඇති වුනු ශක්තිමත් සහ සාමකාමී අධිරාජ්‍යයක් තනන්නට වෙර දරන එක් අධිරජකුගේත්...