-It's not me-

316 106 13
                                    

ලේ ! මේ ලේ නේ .................. ඔම්මා ඒකට කැමති නෑ , ඔයා මැරුවා , ලේ ,, හැමතැනම ලේ , මැරුවා ......... jimin ගෙ ඔලුව ඇතුලෙන් එයාගෙම කටහඩ දෝංකාර දුන්නා

නෑ මං කලෙ නෑ ,

ඔව් කලා

නෑ

තමුන් එයාව මැරුව

නෑ

මැරුවා තමයි

"නෑ මං මැරුවෙ නෑ " jimin තමන්ගෙ මුලු ශක්තියම එකතු කරගෙන කෑ ගැහුවා

"එයා ඇහැරිලාද tae"

"ඒ වගෙ hyung එයා..."

"බයවෙන්න එපා එයා කවදාවත් අපිට කරදර කරන්නෙ නෑ"

"මං දන්නවා ඒත් එයා කලබල කරයිද ඇහැරුනාම"

"අපි බලමුකො "

" jimina" tae ට ලං වෙමින් හිමින් කතා කලා

Jimin ට දැනුනෙ මුලු ලෝකෙම එයාගෙ ඔලුව උඩ තියෙනවා වගෙ එයා ඇස් අරින්න හැදුවත් මූනට වැටිලා තිබ්බ ලයිට් එක නිසා එයාට එක පාරටම ඇස් අරින්න අමාරු වුනා

"Jiminaa" jimin ට එයාගෙ වටෙ බොද වුන ඡායාවන් දෙකක් පෙනුනා

"Jimina ඔයාට මාව පේනවද" එයාට උනුසුම් අතක් තමන්ගෙ කම්මුල උඩ තියනවා දැනුනා , ටික ටික jimin ගෙ පෙනීම පැහැදිලි වුනා

" අනෙ jimini ඔයා හොදින් නේද" jimin ලගින් වාඩි වුන jin jimin ගෙ අත තමන්ට තුරුලු කරගත්තා

"අපි ගොඩක් බය වුනා ඔයාව හැමතැනම හෙව්වා " jimin ගෙ කම්මුලට උනුසුම් කදුලු ගොඩක් වැටුනා

"අනෙ මට සමාවෙන්න tae tae " jimin tae ගෙ කදුලු පිහදාන ගමන් මිමිනුවා , tae ට ගොඩක් පුදුමයි

" ඔයා tae tae කියලද කිව්වෙ"

"හ්ම් මට සමාවෙන්න tae මං ඔයාට හොද යාලුවෙක් වුනෙ නෑ "

"එහෙම නෑ jimini ඔයාට මේක අමාරු කාලයක් නෙ මං තමයි ඔයාට හොද යාලුවෙක් නොවුනෙ මට ඔයා ගැන මීට වඩා හොයන්න තිබ්බා"

"ඔව් මං ඔයාව බලාගන්නවා කියලා පොරොන්දු වුනා , අන්තිමට අන්තිමට.."

"මං මනුස්සයෙක්ව මරන්න යනකම් ඔයා දන්නෙ නෑ නෙ" jimin ගෙ මුනෙ පුංචි හිනාවක් ඇදුනා

Serendipity | JikookWhere stories live. Discover now