^^Surprise^^
"බබා නැගිටින්න "
"ම් තව නිදා ගන්න ඕනෙ" jimin එහෙට මෙහෙට ඇඹරෙමින් කෙදිරිගාන්න පටන් ගත්තා
බබා ඕක දැන්ම නැවැත්තුවෙ නැත්තම් කරන්න ආව වැඩෙ පැත්තක දාලා මං ඔයාව කයි මෙතනම
"Jimin නැගිටින්න බබො"
"ම්ම්ම්"
"දැන්ම නැගිට්ටෙ නැත්තම් මං ඔයාව කන්න පටන් ගන්නවා මේ දැන්ම" jungkook , jimin ගෙ කනට ලං වෙලා එහෙම මිමිනුවා විතරයි , jimin අකුනක් ගැහුවා වගෙ කෙලින් වුනා
"මේ දැන් ඔයා මොකක්ද කිව්වෙ"
"මුකුත් නෑ බබා ඇහැරෙන්න කියලා කිව්වෙ" jungkook අහිංසක මූනක් මවන් කියද්දි jimin ඇස් ලොකු කරගත්තා
එතකොට දැන් මට ඇහුන කතාව ඒක හීනෙන්ද ඇහුනෙ , මට jungkook ව හීනෙන් පෙනුනා ! වෙන්න බෑ
jimin නලලට අත තියාගෙන හිතත් එක්ක තර්ක කරනවා
"මොකද වුනෙ බබා මාව හීනෙන්වත් දැක්කද"
"මොකක් ..... පිස්සු ඔයාව , ම...මමං කිව්වනෙ මට බබා කියන්න එපා කියලා" jimin කලබලෙන් දොර අරින්න උත්සහ කරමින් කිව්වා
"ආ හදිස්සියට මේක ඇරෙන්නෙත් නෑ , මේක ඇරෙන්නෙ නැත්තෙ මොකද , මේ පිස්සු දොර අරිනවා " jimin දොරට ගගහා කෑගැහුවා
"හරි හරි බබා පොඩ්ඩක් ඉන්න මං අරින්නම්" jungkook පුලුවන් තරම් හිනාව පාලනය කරගෙන කාර් එකෙන් බැස්සා
"මට බබා කියන්න එපා කිව්වා නේද" jimin ඇතුලෙ ඉදන් කෑගහනවා
"ම් පරිස්සමට බහින්...." jungkook කියලා ඉවර වෙන්නත් කලින් දොර ඇරපු ගමන් එලියට පනින්න හදපු jimin ගෙ ඔලුව වැදුනා කාර් එකෙ
"ආව් මේක මෙච්චර පාත මොකද"
"කො බලන්න තුවාල වෙලාද"
"එහාට යන්න අල්ලන්න එපා මාව "
"පන්ඩිත වෙන්නෙ නැතුව තුවාල වෙලාද කියලා බලන්න එන්න jimin"
"ඕනෙ නෑ කිව්වම"
"එන්න jimin"
"යන්න එහාට.... වාව්" jungkook ව තල්ලු කරමින් ඔලුව බදාගෙන ඉදපු jimin ගෙ ඇස් වලට මෙච්චර වෙලා මගඇරිලා තිබුන දෙයක් නෝට් වුනා
YOU ARE READING
Serendipity | Jikook
FanfictionFind a totally unexpected thing while looking for something else......... 😶😶 What is he looking for? 🤔 What will he find rather than the thing he has been looking for ? 🤔 Will he like that unexpected thing? 😏 Plz come and explore it by ur self...