"jimin ලෑස්ති වෙලා ඉවරද"
"ඔව් hyung"
"හරි කෝ tae"
"එයා තාම නිදි"
"ම් කමක් නෑ අද නිවාඩු දවසනෙ , එහෙනම් අපි දෙන්න විතරක් යමු "
"හරි යමු"
jin යි jimin යි පැය කාලක ගමනකින් පස්සෙ හොස්පිට්ල් එක ලගට ආවා , jimin හොස්පිට්ල් එකට අඩිය තියද්දිම කවුරු හරි දුවගෙන ඇවිත් එයාගෙ කකුලෙ එල්ලුනා
"අන්කල් ......................"
"Tanni" jimin Tan ගෙ උසට පාත් වෙලා එයාට කතා කලා , Tan , jimin ගෙ බෙල්ලට පැනලා එයාගෙ මුලු මූනටම පුංචි කිසස් දුන්නා
"බලාගෙන පැටියො අන්කල් වැටෙයි" Tan ගෙ හුරතලේට හිනා වෙන ගමන් soomin එතෙන්ට ආවා
"අද පාන්දර ඉදන් මෙතෙන්ට වෙලා බලන් ඉදියා අන්කල් එනකම්"
"එහෙමද මේ කියන්නෙ ඇත්තද පැටියෝ"
"ඔව් ....... මට ඔයාව ගොඩක් මතක් වුනා , මං හිතුවා ආයි කවදාවත් ඔයා මාව බලන්න එන එකක් නෑ කියලා"
"ඇයි පැටියේ ඒ , මං කිව්වනෙ මං ආයෙත් එනවා කියලා" jimin , tan ගෙ ඔලුව අතගාමින් කිව්වා
"දන්නෙ නෑ නෙ මට එහෙම හිතුනානෙ" Tan කටත් උල් කරගෙන කියපු විදිහට කට්ටියටම හිනා
"Jinssi , appointment එක කීයටද"
" 9 ට soominssi"
"අහ් තව පාෙඩි වෙලාවයි නේද තියෙන්නෙ , එන්නකො Tan පැටියො මෙහාට අපි අන්කල් ඩොක්ටර් ආන්ටිව හම්බෙලා ආවට පස්සෙ කතා කරමු හරිද "
"හරි.." Tan , jimin ගෙ අතින් අල්ලගෙන ඩොක්ටර්ගෙ රූම් එක ලගට ගියා
"මං එනකම් නූනා එක්ක ඉන්න හරිද " Jimin , Tan ගෙ නලලට පොඩි කිස් එකක් දීලා jin එක්ක ඇතුලට ගියා
ඩොක්ටර් එක්ක jimin ගැන ටික වෙලාවක් කතා කරපු jin , jimin ගෙ treatments පටන් ගනිද්දි රූම් එකෙන් එලියට ආවා , එයා වටපිට බැලුවත් Tan වත් soomin වත් පේන්න ඉදියෙ නෑ , soomin එයාගෙ වැඩ වලට යන්න ඇති කියලා හිතපු jin ලග තිබුන පුටුවකින් වාඩි වුනෙ jimin එනකම්
එයා ටිකකට කලින් ඩොක්ටර් එක්ක කතා කරපු දේවල් ගැන කල්පනා කලා
YOU ARE READING
Serendipity | Jikook
FanfictionFind a totally unexpected thing while looking for something else......... 😶😶 What is he looking for? 🤔 What will he find rather than the thing he has been looking for ? 🤔 Will he like that unexpected thing? 😏 Plz come and explore it by ur self...