2nd episode

160 34 17
                                    

මම තිසූට call 1ක් අරගෙන rings සද්දෙන් ඇහෙන්න phone එකේ speaker දාල ඇද උඩින් තිබ්බා.

ෆූ............ඇති යන්තම් . Bag ටික හදල ඉවරයි.

අහ් . තිසූ phone එක answer කලා. Hellow තිසුමි. මේ අහ්න්නකො.

හෝව් පොඩ්ඩක් ඉන්න. මෙයා මට බැන්නෙ නෑනෙ. සාමාන්‍යයෙන් call එකක් cut කරල මගෙන් හොරකන් කරපු phone එක.

අංකෙ වැරදිල තිසූගෙ එක වෙනුවට මම ගහල තියෙන්නෙ මගේ පරන නොම්බරේ නේද?

මම cut කලා. විනාඩියක් විතර යනකන් මම හුස්ම ගත්තෙ නිකන් olimpic වල 800m දුවල world record එකකුත් එක්ක පලවෙනිය වෙලා වගේ.

ඇත්තටම මේක වෙන්න පුලුවන්ද අහ්? නෑ මං කියන්නෙ ඒක හොරකන් කරපු එක්කෙනාම ඒ phone එක answer කරල. අඩුම ගානෙ ඒ මනුස්සය sim එකවත් මාරු කරල් නැද්ද එතකොට?

අක්කාආආආආ............. ඔයාට අම්ම ලෑස්ති වෙන්න කිව්වා.........

අහ් කේමලේ.

දැන් ඉතිම් කොහෙ බුදියන්නද දත් මැදලා ලෑස්ති වෙන්න එපැයි. ඔන්න ඔහෙ එහාට ගිහාම නිදා ගන්නව. Flight එක 7.30ට.

.........................#######............................

අපි කොහොම හරි plane එක ලගටම ආවා. දැන් ඉතිං තියෙන්නෙ නගින්න තමයි. ආව්! මොකාද් ඒපාර මගේ පිටට තඩි බාන්නෙ?

මෙහ් දිනූ........ මම කොන්ඩෙ කෑල්ලක් ඉස්සරහට දාලද ලස්සන නැත්තම් මෙහෙම උඩට දාල කට්ටක් ගහලද? නැත්තම් පිටිපස්සට හුලගෙ යනකොටද? කොහොම පේද්දිද ලස්සන?

තිසු !

මේ ගමන එනව කියල දැන ගත්ත තත්පරේම මම දැන්න්න් හිටිය මට මේ වගේ පිස්සු ප්‍රස්න වලට උත්තර දෙන්න වෙනව කියල.

මීට වඩා හොදයි අපේ ගෙදර ඉන්න බල්ලව එක්කගෙන ආවනම්. අඩුම ගානෙ ඒකා කට වහගෙනවත් ඉදියිනෙ.

මං එයාට කට කොනින් හිනාවක් දැම්මා. ඇති යන්තම් දැන් අපේ flight එක . අම්ම ලගින්ම ඉන්න කියපු නිසා මම තිසූගෙයි මගෙයි t shirt එකතු කරල හැට්ට කට්ටක් ගැහුවා. මොකද මෙයාට එක තැනකට වෙලා ඉන්න පුරුදු නැති නිසා.

හ්ම්ම්.... අන්තිමේට අපි seat වලින් වාඩි උනා. වාසනාවට අපේ නංගි හිටියෙ තාත්ත ලග. මෙයා මං ලගින් හිටියනම් පැය හතරක් මෙයා එක්ක ඉදගෙන ගිහින් මගේ කර්නපටහ පටලයයි , මගේ කර්න අස්ථිකා ටිකයි පුපුරල යන්න ඉඩ තිබුනා.

Possible (J) Hopes2Where stories live. Discover now