Jk's p.o.v.
ඊළඟ දවසේ උදේ මම නැගිටින කොට ටිකක් පරක්කු වෙලා කවුරුත් මාව ඇහැරවන්නේ නැතුව ගිහින්..
"shit මට ඉන්නේ මහ මොන වගේ hyung ලා ටිකක් ද මන්දා මාව ඇහැරවන්නේ නැතුව ඔක්කොමලා ගිහින් මාව ඇහැරෙව්වා කියලා එයාලව දිය වෙලා යනවද..මගේ කෑම ටිකත් කලා ඇති කට්ටිය එකතු වෙලා..."
මම තනියම hyung ලට බැන බැන කාමරෙන් එළියට ගිහින් hyung ල ව හොයන්න ගත්තා..වටේම හොය හොය යනකොට Tae hyung bathroom එකේ ඉඳන් එළියට එනවා දැකලා මමත් ඒ පැත්තට ගියා...
" ආ hyung... good morning..😀 "
" මොන morning ද මනුස්සයෝ මේ මහ දවල්...පෙන්නේ නැද්ද වෙලාව 12.00 ත් පහු වෙලා.."
" අනේ මේ hyung හරියට උදේම නැගිටින එක්කෙනා වගේනේ...තාම ඉන්නේ ඊයේ රෑ ඇඳපු ඇඳුම් පිටින්...එනවා මෙතන මට උපදෙස් දෙන්න.."
" අනේ මේ Jeon Jungkook...පොඩි එකා ඉන්න ඕනේ පොඩි එකා විදියට මෙතන ලොකු අයත් එකක් රණ්ඩු වෙන්නේ නැතුව.."
"අනේ හරි ලොකු කෙනානේ 😒 "
" තමුන් මොකක් හරි කිව්වද "
"අහ් නෑ නෑ hyung මම මේ ඇහුවේ අනිත් hyung ලා මොකද පෙන්න නැත්තේ කියලා 😀"
"අහ් එයාලද...මම දැක්කා එයාලා garden එකට වෙලා badminton ගහනවා...ඒ මේ ඒක නෙමෙයි kookie අපි දෙන්නා පොඩ්ඩක් Jin hyung ඉන්න පැත්තට යමුද... Hyung lab එකේ ඇති සමහර විට.."
" අහ් හා hyung ඒත් ඔක්කොටම කලින් ගිහින් wash එකක් දාගෙන එමු නැත්තන් Jin hyung ගේ බණ දේශනාව අහන් ඉන්න තමයි වෙන්නේ..😓"
...........
ටික වෙලාවකට පස්සේ Tae hyung යි මායි wash එකකුත් දාගෙන උඩ තට්ටුවේ අයිනට වෙන්න තිබුණ Jin hyung ගේ lab එක පැත්තට ගියා...
" Hyung..අපි ඇතුලට එන්නද...👀"
"Hyung ඔයා ඉන්නවද "
Tae hyung ත් එහෙම ඇහුවා
" ඇතුළෙන් සද්දයක් නෑ නේද hyung...සමහර විට hyung ත් අනිත් අයත් එක්ක එළියෙද දන්නෑ..."
" ඒක තමයි kookie.. hyung lab එකේ නෑ වගේ.."
" මේ hyung...මොකද කියන්නේ අපි පොඩ්ඩක් ඇතුළට ගිහින් බලමුද.. hyung ඕක ඇතුළේ ඉඳන් මොනවා කරනවද කියලා කවුද දන්නේ අපිට ඇතුළට එන්න දෙන්නෙත් නෑනේ.."
YOU ARE READING
Time Travel
Fiksi Penggemarවැරදුණු පරීක්ෂණයක්... කාලය අතර සිරවුණු තරුණයන් පස් දෙනෙක්... අතීතයෙන් අනාගතයට ආ තරුණියක්... සියල්ල පිටුපස සිටිනා නපුරු විද්‍යාඥයෙක්... අවසානයේ කුමක් වේවිද... ඔවුන්ට නැවත වර්තමානයට පැමිණීමට හැකි වේවිද.... Cover by @_Choco_Bee_