පහළට එනකොට හිටියේ චිමී!!! මගේ පාප මිත්‍රයා... බය ගුල්ලා.. රෝසිගේ වහලා. උම්මා කැටේ 😚😚😚😚 අනේ ඕකා නැතුව සාංකාවේ හිටියේ මං...ඒත් මූව දැක්ක ගමන් හිතුන එකම එක දෙයක් වත් මම කිව්වෙ නෑ.නැත්තම් මේ කොටා උඩ යනවානේ...😏 මම චිමීව වඩාගෙන කෙල ගාගෙන හිටියේ. මොනා නැතත් අතරමං වෙලා ඉන්න මිනිස් ලෝකේ මං දන්න එකම එකා මූ නේ😚🙈 මම චිමීව ඔතාගෙන පතාගෙන හිටියේ මෙහෙන් යන්න.
"යා !!!! ටටා..."චිමී කෑ ගැහුවා . ඇයි කියලා බලද්දී තමා දැක්කේ ඇටිබනානා කෑව උගුඩුවෝ තුන්දෙනෙක් වගේ අපි දිහා බලන් ඉන්න ගල් ගෙඩියයි මිනිස් ජීවින් දෙන්නයි. මොකා හිතුවාද දන්නේ නෑ. සැජ්ජයි🙈 අපරාදේ සුගා හියුන්ගේ බිත්තර බින් එක තිබ්බනම් හැංගෙන්න තිබ්බ 😣 බිත්තර බින් එක කියන්නේ අපේ ලෝකේ බිත්තර කට්ටට කියන තනි වචනයක් හොදේ . ඔටෝමැටික් කිකිළියෝ බිත්තර දැම්මට පස්සේ ටික් කියලා බට්න් එකක් ප්‍රෙස් කරාම බිත්තර කට්ට හැංගෙන්න පුළුවන් විදිහට වැහෙනවා. ඕක හොයා ගත්තේ සුගා හියුන්. මම කිව්වේ කොල්ලා වැඩ්ඩා 😎
"මෙතන මොනවද වෙන්නේ?" කලින් කාමරේට ඇවිත් දීර්ඝකාලීන වචන සෙට් එකක් කිව්ව මිනිස් ජීවියා ඇහුවා. අපරාදේ මට කියන්න තිබ්බානම් බිත්තර බින් එක ගැන රීඩර් ජීවින්ට කියලා දුන්නා කියලා.. එක්කො ඕනේ නෑ. කට හින්දලුනේ මාළු නහින්නෙ කියනවානේ...
" හියුන්! මේ මෙයා තමා අර මම බීලා ගෙදර එක්ක ආවා කිව්වේ හී." බීලා! අමුර්තේ ගැනද මේ කියන්නේ 🤨 අම්මෝ ඒක මතක් වෙද්දිත් වමනෙට වගේ...ඒත් ගෙදර? ඒ කොහෙද ගල් ගෙඩියෝ!!! අලුත් රෝම් එකක්ද ?
"ආහ්! ඔය ළමයා කවුද? මම මීට කලින් ජන්ග්කුක් එක්ක ඉන්නවා දැකලා නෑනේ 🙂"
"ඒක තමයි" ගල් ගෙඩියා ගේ හියුන් මම කවුද අහද්දි අර යකා ඇඩ් දාන්න එනවා මෙතන.
"අපි!!" චිමී වැලමිටෙන් මට ඇන ඇන කතා කරනවා.. මං මොනා කියන්නද බං . පචයක් මතක් වෙන්නේ නැත්තම්.
" අපි වෙන ලෝකෙකින් ආවේ" මම බොරුවක් මතක් උනේ නැති නිසා ඇත්ත කිව්වා. ඒ පාර චිමීයා කන්න වගේ මං දිහා බලන් ඉන්නවා. මම වැරැද්දක් ද කිව්වේ...
YOU ARE READING
ʙᴇʏᴏɴᴅ ғʀɪᴇɴᴅsʜɪᴘ ✓
Fantasyඑයා මනුස්සයෙක්! මම පිටසක්වලයෙක්! ගෙදරින් පැනලා මෙච්චර දුර ආවට දැන් මට යන්න හිතක් නෑ... හොද යාළුවෙක් උනත් යාළුකමට එහා දෙයක් මගේ හිතේ තියෙනවා... එයා වෙනුවෙන්!!! ඒ මොකක්ද? "කූ!!! එකම එක වතාවක් මට ඔයාට කියන්න පුළුවන් නම් මට ආයේ ඔයා බලන්න එන්න වෙන්නේ න...