|. 10 .|

567 127 42
                                    

හම්නේ.. ෂෝක් විහිළුව... වොන් ද මූන්ද කියන ඒවා දීලා මේකා දිහා බලන් හිටියොත් ඊළගට මට නවතින්න වෙන්නේ පිස්සන් කොටුවේ තමා. ආයිෂ් ඒකටත් ජිමිනා පනී රෝස් එක්ක හනිමූන් යන්න.😒

මම ගොන් හිනාවක් දාලා මාරු වෙන්න හැදුවෙ එකපාර පිටිපස්සෙන් ගල් ගෙඩියා මගේ අත අල්ලගත්තා.

"කොහෙද යන්නේ හ්ම්ම් 😏?" කනගාවට වෙලා කොදුරන්න එපා හාවෝ මට සූ බරයි.

මම හිමීට එහාපැත්තට හැරුනා. මූ මොකාටද එන්න හදන්නේ.. මූ වෘකයෙක්ද දන්නේ නෑ මෙහෙම ඉව කරන්නේ...

අනේ.. බලන් ඉන්නේ මගේ තොල් දිහා නේද?

නැමෙන්න එපා.. කිස් කරන්න එපා... දෙනවා  දණහිස නවලා අනාගතේ අදුරු වෙන්නම.. අයියෝ...

මම මගේ කුළුඳුල් පළවෙනි කිස් එක ලැබෙනකම් ද කොහෙද ඇස් වහන් හිටියා. ඒත් ඇයි මුකුත් උනේ නැත්තේ?

මම ඇස් අරිනකොට තමා දැක්කේ කවුරුත් නෑ කියලා. කෝ මේ ප්‍රේම කුමාරයා 😒

"මොනාද බලන් ඉන්නේ? කිස් කරනකම්නේ හිටියේ??"

කට කොනකට කුප්ප මහා ජරා හිනාවක් දාලා ඇසුත් ගහලා වොෂ් රූම් එක අස්සට රිංගුවා. දෙයියනේ මේකා මම කෙල්ලෙක් කියලා හිතුවාද දන්නේ නෑ..

ඒත් පොඩ්ඩක් ඉන්න මාව මූට කෙල්ලෙක් වගේ පේනවානම්?

නෑ වෙන්න බෑ.. මගේ ළග තියෙන්නේ මුට තියෙන එව්වාමනේ...

යාහ්...........ගල් ගෙඩියා.....!!!!!!!!!!!!!!!

______________________

ඇස් වහන් ඉන්නකොට හපලා කන්න හිතෙනවා.. අනේ මන්දා.. මට මොනා උනාද කියලා. කිස් එකක් දෙන්න තමා හිතුනේ. එක්කෙ දැම්ම දෙන්න හොද නෑ..

මම වොෂ් රූම් එක අස්සට ගිහින් සිංදුවකුත් කියලා හොදට නෑවා.. සීතල වතුර වැදෙනකොට තුවාලේ දනවා. ඒත් ඒවා ගනන් ගන්න කෙනෙක්ද මේ ජේකේ හ්ම් 😌😏

මම එළියට එනකොට එහා ලෝකේ පෙරළන්න මුගේ කල්පනාව. ආයේ මට හිතුනේ ළගට ගිහින් අවුස්සලා බලන්න. එක්කො ඒ අදහස නරකමත් නෑ...

මම ළගට ගියාම බය උන පාර කොල්ලා අතුරුදහන් උනා. කෝ මේකා... ? මම අද යට බලනකොටත් මේකා නෑ..

ʙᴇʏᴏɴᴅ ғʀɪᴇɴᴅsʜɪᴘ ✓Where stories live. Discover now