මම නැඟිටිද්දි ඇනබෙත් ඇස් හරිමින් හිටියා. නැව කුණාටුවකට හසු වුනාක් මෙන් පැද්දෙමින් තිබුනා. සමබරතාව පාලනය කරගත් මම අවස්ථාව අවබෝධ කරගන්න උත්සහ කළා. අපි තුන් දෙනාම නැව් තට්ටුව උඩට දිව්වා. අප වටා ඒ වෙද්දිත් විශාල මත්ස්‍ය රංචුවක් කරකැවෙමින් හිටියා. ඔවුන් සාමාන්‍ය මසුන් නොවන බව හඳුනාගන්න අපිට ඒ තරම් වෙලාවක් ගියේ නෑ.
රතුපාට ඇස් සහ මෝරුන්ගේ දේහ හැඩය තිබුනු ඔවුන් අපේ නැවට හැපෙමින් නැව පෙරළන්න උත්සහ කලා. "නවත්තන්න." මම ඔවුන්ට අණ කලා. පොසයිඩන්ගෙ පුතෙක් විදිහට මට පුළුවන් මුහුදු ජීවීන් එක්ක පණිවිඩ හුවමාරු කරන්න. ඒ වගේම මුහුදු සත්තු සාමාන්‍යයෙන් මගේ විධාන පිළිපදිනවා. ඒත් මොවුන් මට අවනත වුනේ නෑ. මොවුන්ට ඕනෑ වුනේ අපිව මරන්න. ඒ වගේම කුමක් හෝ හේතුවක් නිසා මට ඔවුන් සමඟ පණිවිඩ හුවමාරු කරගන්න බැරිවුනා. ඔවුන්ගේ ආක්‍රමණය නවත්වන හෙයක් නොපෙනුන නිසා මම මුහුදු රළ නඟලා ඔවුන්ව නැවෙන් දුරට තල්ලු කළා. නැව දිගටම තදින් පැද්දෙමින් තිබුනා.
එකවරම මෝරැන් කිහිප දෙනෙක් වේගවත්ව පිහිනාවිත් නැවේ දකුණුපස වැදෙද්දි නැව වමට බර වුනා. එත් එක්කම ඇනබෙත් සහ ග්‍රෝවර් පිටුපසට විසිවුනා. අවට දේවල්වලින් අල්වාගෙන සමබරතාව රැකගත් ටයිසන් එලාව තදින් අල්වාගෙන හිටියා. මම හැකි පමණ මුහුදු රළ පාලනය කර මොරුන්ව ඈතට ගෙනයන්න උත්සහ කලත් එය පහසු වුනේ නෑ. ඒත් එක්කම ඇනබෙත් පහළ මහලට දිව යනු දුටුවත් මට ඒ ගැන අවධානය යොමු කරන්න බැරිවුනා. මොකද මේ වෙලාවෙ නැවේ හිටපු අනිත් අයට බැරිවුනා මට උදව් කරන්න... නමුත් උදව් නැතිව තනිවම තවදුරටත් මට නැව නොපෙරළී පවත්වාගන්න පුළුවන්ද කියලා මට සහතික කරන්න බැරි වුනා. මම නැව වටා ජල ආරණයක් හදලා එය භ්‍රමණය වෙන්න සැලැස්වුවා. ටික වෙලාවකට එයින් සෑහෙන්න පුලුවන් බව අපිට වැටහුනා.
කොහින්දෝ හොයාගත්තු පිහි, කඩු වගයක් අරගෙන ඇනබෙත් ආවෙ ඒ වෙලාවෙ.. ඇය ඒවා ටයිසන්ටයි ග්රෝවර්ටයිත් දුන්නා. ඔවුන් මගේ ජල ආවරණය බිඳගෙන එන්න දඟලන මෝරුන්ට ඒ ආයුධවලින් ගැහුවම සමහරු වාෂ්ප වුනා. ඒත් ඒකෙන් සැලකිය යුතු සහනයක් ලැබුනෙ නෑ. මටත් තවදුරටත් රළ පාලනය කළ නොහැකි වුනා.
YOU ARE READING
Crossover (CHB Vs Hogwarts)
Fanfictionමෙහි අඩංගු චරිත මා නිර්මාණය කළ ඒවා නොවන අතර, රික් රියෝඩන් කතුවරයා විසින් ලියන ලද පර්සි ජැක්සන් නවකතා මාලාව සහ ජේ. කේ. රෝලිං කතුවරිය විසින් ලියන ලද හැරී පොටර් කතා මාලාව ඇසුරින් මා විසින් මීට වසර දෙකකට පමණ පෙර, එනම් 2019 දී ගොතන ලද රසික ප්‍රබන්ධයක් පම...