හතරවන පරිච්ඡේදය

38 4 0
                                    

ඒ කවුද කියලා මම දැනගෙන හිටියා. ඒත්... ඒක විශ්වාස කරන්න බැරි තරම් අපි කඳවුරෙන් දුරකයි හිටියෙ. කොහොම වුනත් මේ වගේ වෙලාවකදි ඔහුගේ කටහඬ අසන්නට ලැබීමත් ප්‍රියජනක වුනා.

"පර්සි, මම මෙහෙ." ඒ වතාවේ මට කටහඬ ඇහුනේ තරමක් දියපහර දෙසට වෙන්න...

"කයිරෝන්! අයිරිෂ් පණිවිඩයක්.." ග්‍රෝවර් අත දික් කරලා අනිත් අයටත් එයාව පෙන්නුවා. පාටි පෝනියෝ ලෙස මුද්‍රිත ටී ෂර්ටයක් හැඳ සිටි ඔහු මේ අවස්ථාවේදී මහගෙදර ඇතුලත සිටින ආකාරයේ පෙනුමක් ඔහුගේ පිටුපසින් පෙනෙන්න තිබුනා.

"මොන පණිවිඩයක්?"රොන් ඇහුවා.

"දෙවියොයි උපදෙවියොයි එකිනෙකා අතර පණිවිඩ හුවමාරු කරන විදිහක්... දේදුනු දේවතාවිය අයිරිෂ් ගේ උදව්වෙන්." මම විස්තර කලා.

"ඒ නරාශ්වයෙක් නේද? එයාලා සාමාන්‍යයෙන් මායාකාරයන්ට උදව් කරන්නෙ නෑ." හැරී කිව්වාහම කයිරෝන් ඔවුන් දෙස බැලුවේ හරියට ඔහු ඔවුන්ව දකාන්න බලාපොරොත්තුවෙලා හිටියා වගේ.

"ඔහ්... එහෙනම් ඒ කතාව හරි. පෞරාණික බෙදීම් ආයෙත් එකමුතු වෙනවා..." කයිරෝන් කිව්වා.

"මොකක්?" මම ඇහුවේ කයිරෝන්ගෙන්."

"ඉස්සරම කාලෙ හේකේට් සාමාන්‍ය මනිස්සුන්ට මායාව දුන්නෙ උපදෙවිවරුන්ගේ අඩුවක් තිබුන නිසා... අපිට පිරිස මදි වුනා ඔහුගේ පිබිදීමට එරෙහි වෙන්න." කයිරෝන් විස්තර කලා.

"කාගෙද?" ග්‍රෝවර් ඇහුවා.

"ඔයාලා දන්නවානේ... සමහර දේවල් ඒ වෙලාව වෙනකන් නොදැන සිටීම හොඳයි. මේ දේ මගෙනුත් හංගපු ඉතිහාසයක්. ඒත් මම ආවෙ.... ඔයාලට සුබ ආරංචියක් කියන්න. අහන්න ඕනි නැද්ද ඒක? " කයිරෝන් පිළිතුරු දුන්නා.

"සුබ ආරංචියක්?" රොන් කිව්වා... හැමෝගෙම අවධානය කයිරෝන් දෙසට යොමු වුනා.

"අනිවාර්යයෙන්... මායාකාරයෝ දන්නවානේ මගේ නෑයෝ ඉන්න දිහාව... එහෙම නේද?" කයිරෝන් අැහුවේ හැරීගෙන්.

"ඔව්... ඒත්..." හැරී කල්පනාකාරී ලෙස පැකිලෙන ස්වරයකින් කතා කලා.

"එයාලාගෙ උදව් ගන්න." කයිරෝන් කිව්වාහම හැරී සහ රොන් බැල්මක් හුවමාරු කරගත්තා. එයාලා හරියට මා දිහා බැලුවේ කයිරෝන් එයාලට බූතයෙක් එක්ක කතා කරන්න කිව්වා වගේ.

Crossover (CHB Vs Hogwarts)Where stories live. Discover now