"එයා ට්‍රෝල් කෙනෙක්" හර්මයිනි කිව්වා.
"ඇත්තටම... අපිට පරිස්සම් වෙන්න සිද්ධවෙනවා ට්‍රෝල්ලාගෙන්. එයාලා දැන් මෙහෙ හැමතැනම ඉන්නවා මායා අමාත්‍යංශෙදි අපි දැනගත්ත විදිහට එයාලා සීයක් විතර ඉන්නවා සංවිධානය වෙලා." හැරී කිව්වා.
"ඒ කියන්නෙ ට්‍රෝල් ලා සියයක් එක්ක අපිට සටන් කරන්න වෙනවද? එයාලා ගැන අපි මීට කලින් අහලා නෑ. ඇත්තටම..." ඇනබෙත් කිව්වේ හරියට නොදැන හිඳීම වැරැද්දක් වගේ. ඇත්තටම ඇනබෙත් හැමදේම දැනගෙන හිටියා. මම කියන්නෙ මම එහෙම විශ්වාස කලා. ඇතීනාගෙ ළමයෙක් විදිහට එයා කඳවුරේ හිටපු බුද්ධිමත්ම ළමයා වුනා.
"ට්‍රෝල්ලා විතරක්ම නෙමෙයි. ඩිමෙන්ටරයො... එතකොට පුරහඳ දවසට කලින් මේක ඉවර කරන්න බැරි වුනොත් වෙය' වුල්ෆුලාවත් එයාලා සටනට දායි. ඒක අන්තිම නරකයි. " හැරී එහෙම කියද්දි ඔවුන් හරියට මොකකදෝ දුකක් හංගගෙන ඉන්නවා වගෙයි පෙනුනෙ.
එතනින් එහාට අපිට කතා කර කර ඉන්න අවස්ථාවක් තිබුනෙ නෑ. දොරටුවට ආසන්නව වාහනේ නැවැත්තුවාම අපි කට්ටියම එයින් බැහැගත්තා
රොන් හැරී සහ හර්මයිනි පෙරමුණ ගත්තා. අපි ඉක්මනින්ම වහලා දාලා තිබුනු පාසල තුළට ඇතුළු විය යුතු වුනා. අැත්තම කිව්වොත් එයාලා දොරට තට්ටු කරලා දොර අරිනකන් එතනට වෙලා හිටියෙ නෑ. හර්මයිනි, අර කෝටු කෑල්ලක් කියලා මම හිතාගෙන හිටපු මැජික් යෂ්ටිය අඟුල ලඟට කරලා "ඇලෝහැමෝරා" කියලා කිව්වම නිකන්ම දොර විවර වුනා. ඒ ගොඩනැඟිල්ල සෑහෙන්න විශාල සහ පෞරාණික බවක් ඉසිලුවා.
"මටත් ඔය ජාතියෙ එකක් ගන්න බැරි වෙයිද?" ග්‍රෝවර් යෂ්ටිය දිහා බලලා ඇහුවහම හර්මයිනි එයාට රැව්වා.
"එයාලා එනවා." ටයිසන් කිව්වා.
"කවුද?" මම ඇහුවා.
"මම දන්නෙ නෑ. ඒත් ලොකු සතෙක්. සමහරවිට ට්‍රෝල් කෙනෙක් වෙන්න ඇති. එයාට තියෙන්නෙ වෙනස් ගඳක්. රාක්ෂයො වගේ නෙමෙයි." ටයිසන් විස්තර කලා.
"අපි ඉක්මන් කරමු." හැරී එහෙම කියලා පාසල් කොරිඩෝවේ ඉදිරියට වේගවත්ව ඇවිද ගියා. අපිත් එයාලාගෙ පස්සෙන්ම ගියා. එයාලා ගියේ පඩි පෙළක් ළඟට. ඇත්තටම මම කවදාවත් බලාපොරොත්තු වුනේ නෑ පණ තියෙන පඩිපෙළකින් යන්න. ඒත්... ඇත්තටම ඒ පඩි පෙළට පණ තිබුනා. අපි පඩිපෙළ දිගේ ඇවිදන් යද්දී එහි ඉහළින් සම්බන්ධ වුනු කෙළවර වෙනත් පැත්තකට මාරු වුනා. ඒත් අපේ මිත්‍ර මායාකාරයො එය ගැටලුවක් විදිහට සලකපු බවක්නම් පෙනුනෙ නෑ. ඔවුන් පඩිපෙළ දිගේ දිගටම ගිහින් කොරිඩෝවට ඇතුළු වුනා.
YOU ARE READING
Crossover (CHB Vs Hogwarts)
Fanfictionමෙහි අඩංගු චරිත මා නිර්මාණය කළ ඒවා නොවන අතර, රික් රියෝඩන් කතුවරයා විසින් ලියන ලද පර්සි ජැක්සන් නවකතා මාලාව සහ ජේ. කේ. රෝලිං කතුවරිය විසින් ලියන ලද හැරී පොටර් කතා මාලාව ඇසුරින් මා විසින් මීට වසර දෙකකට පමණ පෙර, එනම් 2019 දී ගොතන ලද රසික ප්රබන්ධයක් පම...