#CHB_Point_Post
#Crossover
(Camp Half Blood Vs Hogwarts)"හරි එහෙනම්... එයාලට හෙලෝ කියමු." ග්රෝවර් ඔවුන් දෙස බලමින් කිව්වා. ඊට පස්සේ අපි ගල්බැම්ම උඩින් පැනලා එයාලා ළඟට යද්දිම අපේ පැත්තට හැරුණ එයාලා එයාලගෙ දුනු අපේ පැත්තට මාන ඇල්ලුවා. වාව් නියමයි. පොසයිඩන්ගේ පුත්රයා නරාශ්වයෙක් අතින් මියයයි... ඒ ප්රවෘත්තිය සෑහෙන්න ප්රසිද්ධ වෙයි.
ඒත් අපිව හඳුනගත්තම ඔවුන් සන්සුන් වුනා.
"සියුස්ටම ඔප්පු වෙච්චාවෙ. අපි ඔයාලව බලාපොරොත්තු වුණා." එක් නරාශ්වයෙක් කිව්වා. මම හිතන්නේ ඒ ලෙනී වෙන්න ඕනි. ඒ කියන්නේ එයාලා අපිව මරන්නෙ නෑවගේ. අද දවසට එකම හොඳ ආරංචිය. මෙහෙමයි, පාටිපෝනියෝ සහ මොවුන් අතරේ සෑහෙන්න වෙනසක් රූපයෙන් විතරක් යුනත් නිගමනය කරන්න පුලුවන්. මෙයාලා මිනිස්සුන්ට වඩා සත්තුන්ට සමීප පෙනුමක් තිබුනේ... පාටි පෝනියෝ වගේ ටීෂර්ට්ස් ඇඳලා හිටියෙ නෑ වගේම එයාලා වගේ විකාර පාටිවලට කවදාවත්ම සම්බන්ධ වුන බවක් මටනම් මෙයාලගෙන් පෙනුනේ නෑ."අපි කතාවෙවී හිටියේ ඔයාලගේ මෙහෙයුම ගැන තමයි. කයිරෝන් අපිට කිව්වා... ඇත්තටම... සෑහෙන්න කාලෙකින් ග්රීක නෑයො මුණගැහුණෙ... මේ කැළෑවකට කොටු වුනාට පස්සේ..." විල් කියාගෙන ගියා.
"ඒ කියන්නේ ඔයාලා ග්රීක දෙවියො ගැන දන්නවා?" ඇනබෙත් ඇහුවා.
"අනිවාර්යයෙන්ම, මායාකාරයෝ බිහිවෙද්දි අපිටත් පැවරුණා සමහර දේවල්... එයාලාගෙ ආරක්ෂාව අපිට පැවරුණේ... " නවත් නරාශ්වයෙක් කිව්වා.
"ඔයාලා අපිව ආරක්ෂා කළා? " රොන් කිව්වේ හරියට විශ්වාස කරන්න බෑ වගේ.
"ඔව්, නිකමට හිතන්න, ඔයාලා දැකලා තියෙන්නෙ රාක්ෂයෝ කී දෙනාද? ඔයාලා හිතන්නෙ මායාකාරයන්ව මරන්න මීට කලින් රාක්ෂයෝ ඇවිත් නෑ කියලද? මායාකාරයෝ පිල් බෙදුන සටනකදි අපි මැදි නොවුනට අපේ රාජකාරිය ඔබලාව ආරක්ෂා කිරීම." ලෙනී කිව්වා. "ඒත්... ඔලුව ඉදිමුණ මායාකාරයෝ එක්ක වැඩිය ගැටෙන්න කැමති නෑ අපි." ඒකනම් එයා කිව්වෙ රහසින් වගේ. ඒත් මට විශ්වාසයි ඒක එයාලට ඇහුණා කියලා.
"දැන් ඒවා වැඩක් නෑනේ ලෙනී... අපි මේ ප්රශ්ගෙ ගැන බලමු. අපේ යාලුවන්ට මහන්සි පාටයි. ඔයාලට පුලුවන් අපිත් එක්ක කෑමට එකතුවෙන්න. මුලින්ම විවේකයක් අරන්... හෙට උදේටම කතා කරමු මේ ගැන." විල් යෝජනා කළා. වෙහෙසකාරී දිනයක් ගතකළ අපි කෑම කෑවට පස්සෙ වැඩි වෙලාවක් යන්න කලින් නින්දට වැටුනා. ඒත් එක්කම මම හීනලෝකෙට ඇතුළු වුනා. උපදෙවියන්ට ඉතින් කවදාවත් සාමකාමී නින්දක් ලැබෙන්නෙ නෑනෙ.
ESTÁS LEYENDO
Crossover (CHB Vs Hogwarts)
Fanficමෙහි අඩංගු චරිත මා නිර්මාණය කළ ඒවා නොවන අතර, රික් රියෝඩන් කතුවරයා විසින් ලියන ලද පර්සි ජැක්සන් නවකතා මාලාව සහ ජේ. කේ. රෝලිං කතුවරිය විසින් ලියන ලද හැරී පොටර් කතා මාලාව ඇසුරින් මා විසින් මීට වසර දෙකකට පමණ පෙර, එනම් 2019 දී ගොතන ලද රසික ප්රබන්ධයක් පම...