මට මේ ගෙදරදි අඩන්නවත් අයිතියක් නෑ....
ජන්ග්කුක් තමන්ගේ සිතටම සෙමින් කොදුර ගත්තේ සිතට ආව දැඩි තරහත් වේදනාවත් මුසු වූ හැගීම එක වර සන්සිදුවා ගැනීමටයි. නමුත් එක වේදනාවක් ඉවර වෙන්නත් කලින් තව එකක්. තමන් මේ ලෝකේ වැඩියෙන්ම වයිර කරන කෙනා තමන් ඉස්සරහට ඇවිදන් එනවා දැකපු ජන්ග්කුක් මිස් ඊසාන් ව (Mr.jeon ගෙ දෙවන බිරිද) දැක දැකත් නොදැක්ක ගානට එතනින් යන්න ගියේ ඇය කොයිම වෙලාවකවත් තමන්ගේ හිත හැදෙන කතා නොකියන බව දන්න නිසයි.
ජන්ග්කුක් දෙස බලා සෙමින් කට කොනින් සිනා වූ මිස් ඊසාන්
🧓 :මම නම් හිතුවෙ නෑ අද ගෙදර එයි කියලා...
"................" මිස් ඊසාන්ගේ කතාව ජන්ග්කුක් සත පහකට ගනන් නොගෙනම උඩ තට්ටුවේ ඇති තම කාමරය වෙත ගියේ අද දවසට වෙච්ච දේවල් හොදටම ඇති. තවත් නම් මොකුත් ඕනේ නෑ කියල හිතන ගමන්මයි.
( ගේ ඇතුල)
(ජන්ග්කුක් ගේ කාමරය)
කාමරයට ආව ගමන් දොර අගුල් දා ගත් ජන්ග්කුක් කෙලින්ම washroom එකට ගියේ ඇගේ තිබ්බ වෙහෙසකර බවත් හිත ඇතුලේ කැකෑරෙන දැඩි පීඩාවත් වතුර මගින් සමනය කර ගැනීමටයි.
YOU ARE READING
WAY BACK TO LIFE [ Completed ]
Fanfictionආදරේකට පුලුවන් ඕනම මුරන්ඩු හිතුවක්කාර හිතක් ලේසියෙන් පාලනය කරන්න. ඒ වගේම ඕනම දරුනු කෙනෙක් අහින්සක හුරතල් කෙනෙක් කරන්න. කිසිම හැගීමක් නැති කලු ගලක් උනත් ආදරේ ඉස්සරහා හරිම කීකරුයි. කතාව මොන වගේද කියලා කියවලාම බලන්නකෝ..😁😁 Hope you guys enjoy.