📥 miss. Accident ❤️
ජේකේ...,මට ඔයාව හම්බෙන්න ඕන. හන්ගන් පාක් එක ලගට එනවද. රෑ 8.00 ට
📤 : ම්ම්ම්...හරි මම එන්නම්.🌼
ජන්ග්කුක්ට නම් මේක දැක්කම ගොඩක් සතුටු හිතුනා. ජන්ග්කුක් රුකීව හම්බෙන්න ගියේ ගොඩක් නොයිවසිල්ලෙන්. මේ නිසාම රුකී කියපු වෙලාවටත් කලින්ම ලෑස්ති වෙලා හන්ගන් පාක් එක ලගට ජන්ග්කුක් ගියා. 🙄
පාක් එක පුරාවට පැතිරිලා තිබ්බෙ ලොකු සීතලක් එක්ක ගන අදුරක්. Bench එකක වාඩි උන ජන්ග්කුක් ටික වෙලාවක් තමන් දාගෙන ඉන්න bracelet එක දිහා බලන් හිටියා.
ඒක couple bracelet එකක්. ජන්ග්කුක් ගෙ එකේ R අකුර වගේම රුකීගේ එකේ J අකුර ගහලා තිබ්බ.
Jk pov.
"ම්ම්ම්ම්....මෙතන මාරම සීතලයිනෙ. 🥶. රුකී එන්න කියපු ගමන් වලිගේ ගිනි ගත්තා වගේ දුවගෙන ආවට දැන්නම් මැරෙන්න සීතලයි. ඉවසපන් පුතේ...තව ටිකකින් රුකී එයිනෙ. " මගේ හිත මටම කීවා. මොනා වුනත් අද වෙනදට වඩා පාක් එක හරිම මූසල පාටයි. වෙනදා රෑටත් කපල් දෙක තුනක් මේකේ ඉන්නවා. ඒකට අද... මොනා වෙලාද මන්දා. අනික මේ රුකී තාමත් නෑ. මටනම් කීවේ 8.00 වෙද්දි එන්න කියලා. ඒත් මෙයා තාමත් නෑනෙ.
YOU ARE READING
WAY BACK TO LIFE [ Completed ]
Fanfictionආදරේකට පුලුවන් ඕනම මුරන්ඩු හිතුවක්කාර හිතක් ලේසියෙන් පාලනය කරන්න. ඒ වගේම ඕනම දරුනු කෙනෙක් අහින්සක හුරතල් කෙනෙක් කරන්න. කිසිම හැගීමක් නැති කලු ගලක් උනත් ආදරේ ඉස්සරහා හරිම කීකරුයි. කතාව මොන වගේද කියලා කියවලාම බලන්නකෝ..😁😁 Hope you guys enjoy.