Next day morning 🌄
🏠️🏠️ Jk's home📲📲📲 ට්‍රීං ට්‍රීං ට්‍රීං....
ජන්ග්කුක් උදේ ම ඇහැරුනේ කෝල් එකක් එන සද්දෙත් එක්ක.
ආහ් ....ශිට් මොන මගුලක්ද මේ...උදේ පාන්දර කන ගාවට වෙලා කෑ ගහනවා.
මට සැනසීමක් ඇත්තෙම නෑ. ටිකක් නිදා ගන්න ගියත් මොකක් හරි මරාලයක් පාත් වෙනවා.එහෙම කියන ගමන්ම ෆෝන් එක කට් කරලා තව ටිකක් වෙලා නිදා ගන්නව කියල හිතපු ජන්ග්කුක් එහෙන්මම ඇදට වැටුනා.
📲📲📲 ට්‍රීං ට්‍රීං ට්‍රීං......මොන මල කරදරයක්ද මේ. ඉන්නවකෝ මොකා උනත් කමක් නෑ උදේ පාන්දර මගෙන් හොදවයින් අහගන්නවා උබ.
ජන්ග්කුක් එහෙම කියලා ෆෝන් එක ආන්සර් කරනවත් එක්කම,
හෙලෝ ජන්ග්කුක් සර්..මම මේ ජේසන් කතා කරන්නෙ.
ඔහු පැවසුවේ කෝල් එකක් උනත් අංශක අනූවටම නැවීගෙන ආචාර කරන ගමන්. ජේසන් කියන්නේ ජන්ග්කුක්ගේ අප්පගේ වගේම ජන්ග්කුක්ගෙත් හැම වැඩක් ම කරගන්න උදව් කරන jeon company එකේ වැඩ කරන විශ්වාස්වන්තම සේවකයා. ජන්ගකුක් කාවවත් විශ්වාස කරන්න අකමැති උනත් ජේසන් ව විශ්වාස කරේ පොඩි කාලේ ඉදන්ම ඔව්න් හොදින් අදුනන නිසා වගේම තමන්ගේ ඔම්මට ජේසන් ගොඩක් උදව් කරල තියෙන නිසා. ( එයා ගැන විස්තර ඉස්සරහට හම්බෙයි.🙂)
"ජේසන් අන්කල්.... 🙄 මොකද මේ උදේ පාන්දරම."
"ජන්ග්කුක් සර්...පුලුවන් ඉක්මනින් ඔෆිස් එකට එන්න. අද Business partners ලා එන දවසනේ. ඉතිම් ජෝන් සර් කීවා ඔයත් හිටියොත් හොදයි කියලා."
"ආහ්....ඒකත් එහෙමද. ඕකට මම ඉන්නම ඕනෙද. "
"ඔව් සර්....මේ ඩීල් එක අපට ඉස්සරහට ගොඩක් වැදගත් වෙයි. ඒ නිසා සර්ත් ඉන්න එක හොදයි. "
YOU ARE READING
WAY BACK TO LIFE [ Completed ]
Fanfictionආදරේකට පුලුවන් ඕනම මුරන්ඩු හිතුවක්කාර හිතක් ලේසියෙන් පාලනය කරන්න. ඒ වගේම ඕනම දරුනු කෙනෙක් අහින්සක හුරතල් කෙනෙක් කරන්න. කිසිම හැගීමක් නැති කලු ගලක් උනත් ආදරේ ඉස්සරහා හරිම කීකරුයි. කතාව මොන වගේද කියලා කියවලාම බලන්නකෝ..😁😁 Hope you guys enjoy.