Ep : 13 ❤️

831 168 208
                                    

ජන්ග්කුක් ගේ කෑ ගැහිල්ලට බය උන පාර ජිමින් දුන්නා ටේ ට පාරක් කෙලින්ම ඇදෙන් බිම...

- අනේ සොලි සොලි ටේටේ........ සිදුනද ඔයාට.....

- ජිමින්. ..... අයියෝ මගෙ කොන්ද......

- ටේ.... අද මම ඔයා එක්ක නෙමෙද ඉන්නේ....ජන්කුක්......

- ජිමින්..... අහන්නකෝ.... එයාට සනීප නැති නිසා.... මම...

- අහ් ඒකට කමක් නෑ ටේ කොහොමත් මම මෙහෙ ඉන්න එක එච්චර හොද නෑනී.... මම යන්නම්.....

- ඒයි ජිමින්....... ජිමිනී....... ඒයි තරහද

ටේ එක්ක ජිමින් හිටියේ සතුටින්.... ජිමින් ගේ හිතේ තිබ්බ දේ ජන්කුක් ආවේ නැත්තන් ඒ වෙලාවේ ටේට කියන්න තිබුනා... ජිමින් තරහ උනේ නෑ.. ඒත් ජිමින් ට දුක හිතුනා.... ජිමින් ඇදෙන් නැගිටලා දොර ඇරගෙන එලියට ගියා... ටේ කොච්චර කතා කලත් ජිමින් නැවතුනේ නෑ... ජිමින් ගේ ඇස් දෙකේ කදුලු වැටෙන්න ඔන්න මෙන්න තිබුනු නිසා ජිමින් ඉක්මනට කාමරෙන් එලියට ගියා...

එක පාරට කාමරෙන් එලියට ආපු ජිමින් ව දැක්කම ජන්කුක් රත් වෙච්ව් තැටියකට දාපු පොප්කෝන් වගේ පුපුරන්න ගත්තා..

- ජිමින්?

- ජන්කුක්... මම මේ......

- මගේ ටේ ගෙන් අයින් වෙලා ඉන්නවා....

ජන්කුක් ජිමින් ගේ ටී එකෙන් අලල්ලා එක අතින් ඉස්සුවේ පුලුන් ගොඩක් උස්සනවා වගේ ... මෙච්චර වෙල හිර කරගෙන හිටපු කදුලු බින්දු එක දෙක වැටෙද්දි ජිමින් මොකුත්ම නොකියා බිම බලා ගත්තා... ජිමින් අඩනවා කියලා දැන දැන ත් ජන්කුක් තවත් හයියෙන් කෑ ගැහුවා...

- ඔය කිබුල් කදුලු වලට මම රැවටෙන්නේ නෑ ජිමින්..... ටේව මගෙන් උදුර ගන්න මම තමුසෙට කොහොමටවත්ම ඉඩ දෙන්නේ නෑ

- ජන්කුක්........ මට යන්න දෙන්න......

ඉකිගහන කටහඩින් ජිමින් ජන්කුක්ට බැගෑපත් උනා... ජන්කුක් ජිමින් ව අතඇරියත් ඒ ඇස් දිහා බලන් හිටියේ පුදුම තරහවකින්... ජිමින් පුලුවන් තරම් වේගෙන් එතනින් දුවලා ගියේ එයාව හැමෝටම බරක් හැමෝටම කරදරයක් කියලා දැනුනු නිසා....

We just friends ☯︎︎ [ completed ]Where stories live. Discover now