Ep: 18 ❤️

886 171 307
                                    

" ඔයා???????"

අවුරුදු ගානක් මුහුනට මුහුන දැකපු නැති පරන ආදරවන්තයන්ගේ ඇස් එකිනෙකට මොහොතකට නතර උනා... හොබී ගේ ඇස් වල නොදැනීම කදුලු පිරුනේ අතීතය චිත්‍රයක් වගේ එයාගේ ඉස්සරහ ඇදෙද්දී...

ඇයි දාලා ගියේ? ඇයි බොරුවක් කලේ? ඇයි රිද්දුවේ? ප්‍රශ්න දාහක් හිතේ තියාගෙන කොහෙද මැනිකේ ගියේ වගේ බැල්මකින් යුන්ගී හොබී දිහා බලාගෙන හිටියේ හදවත ගැලවිලා බිම වැටෙන තරම් වේගෙන් ගැහෙද්දී...

" යුන්ගී.......... මට ඔයාව මතක් උනා"

විනාඩි ගානක දෙන්නා අතර තිබුනු නිහඩබව බිදමින් හොබී යුන්ගිව තුරුල් කර ගත්තා.. අවුරුදු ගානක නැති වෙලා තිබ්බ උනුසුම ආයෙමත් යුන්ගිට දැනෙන්න ගත්තා.. හැමදාමත් වගේ හොබී ලග දැනුනු වැනිලා සුවද අදත් යුන්ගිට දැනෙන්න ගත්තා..මීට කාලෙකට කලින් නම් හොබීව දැක්ක ගමන් එයාට තුරුලු උනේ යුන්ගී... ඒත් අද ඒ උනුහුම හෙව්වේ හොබී...
හොබීගේ ඇස් වලින් වැටුනු උනු කදුලු යුන්ගිගේ කමිස උරහිසට හොදටම දැනුනා... එයාව අල්ලගෙන තව ටිකක් පපුවට තුරුලු කර ගන්න ඕන උනත් යුන්ගිට හදවතින්ම එයාව තුරුලු කර ගන්න තව ටික වෙලාවක් ඕන උනා..  යුන්ගිගෙන් කිසිම රිඇක්ට් එකක් නැති නිසා අත් දෙකෙන්ම කදුලු පිහ දාන ගමන් හොබී යුන්ගිගේ මූන දිහා ඕන කමින් බැලුවා..

යුන්ගිගේ මූනෙ තිබ්බේ දුක... වේදනාව.... ඇයි එහෙම කලේ කියන හැගීම... තවත් විදිහකින් මම ආදරෙයි කියන පෙනුම.... ඒ හැමදෙයක්ම එකට මුහු වෙච්ච කලකිරීම...

" යු..යු.......න්ගි...යා....... ම...මට...... ස...ස....සමාවෙන්න"

හොබී ට කියන්න පුලුවන් උනේ එච්චරයි . . යුන්ගිගේ අත කෙලින්ම නැවතුනේ හොබී ගේ කම්මුලේ.. කොච්චර සියුම් විදිහට අත ගෑවද කීවොත් හොබී හිටියේ බිම කම්මුලත් අතින් අල්ලගෙන..

" යුන්..... යුන්.....ගී ....   "

වෙව්ලන කටහඩින් ... ගොඩක් පුදුමයෙන් හොබී යුන්ගිට කතා කලා.. එසැනින් යුන්ගි හොබී ගේ උරහිසෙන් අල්ලලා නැගිට්ටවලා ගොඩක් හයියෙන් තද කරලා අල්ල ගත්තා..

" ඇයි එහෙම කලේ කියනවා.... ඇයි එහෙම කලේ "

හොබීව උරහිස් දෙකෙන් අල්ලලා තදින් සොලවන ගමන් ආයේම පාරක් යුන්ගී හොබී ගේ කම්මුලට ගැහුවා..

We just friends ☯︎︎ [ completed ]Where stories live. Discover now