Ep : 20❤️

864 167 103
                                    

ජින් අමාරුවෙන් නම්ජූන්ව ත් ඇදගෙන කාර් එක ලගට ආවා...

" පිස්සු හැදිලද නම්ජූන්.... අහ්..... පිස්සු ද"

" තමුන් තමා මේ සේරම කරන්නේ.. තමුන් නෙමේද මට පිස්සු හදවන්නේ අහ්...... කියනවා "

" රිලෑක්ස්... මම සේරම කියන්නම්... දැන් යමු.. "

" එපා..මට මොකුත් අහන්න ඕනේ නෑ.... මම යනවා යන්න... "

" කිම් නම්ජූන්.... නගිනවා කාර් එකට... "

" ඔයා කියන දේ අහන්නේ ඇයි මම... ඔයාමනේ කීවේ මම ඔයාගේ කවුරුත් නෙමෙ කියලා අහ්..... මගෙ තරහ අවුස්සන්න එපා ජින් තවත්... ඔයා නගින්න... මම ඩ්‍රයිව් කරන්නම්... "

" ඒත්......"

" දැන් මම තමුන් ට කීවේ මොකක්ද අහ්.... නගිනවා කාර් එකට "

නම්ජූන් මේ විදිහට කවදාවත් ජින් ට කතා කරලා තිබ්බේ නෑ... කාට සද්දේ දැම්මත් නම්ජූන් ජින් ලගදි ජින් ට ඕන විදිහට හිටියා.. ඒත් අද ජින් නම්ජූන් ගේ කෑ ගැහිල්ලට වගේම හැසිරීමටත් ගොඩක් බය උනා.. එයා මොකුත්ම නොකියා නම්ජූන් කීව විදිහට කාර් එකට නැගලා ඉදගත්තා..

" ඔය සීට් බෙල්ට් එක දා ගන්නවා..."

" හ....හ....හරි..... "

ටික වෙලාවක් යනකන්ම දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කලේ නැ... ජින් මොකුත්ම නොකියා ජනේලෙන් එලිය බලාගෙන හිටියේ හොබී ගේ ගොන් අයිඩියා එකට ගොනෙක් වගේ තමන් එකග උනු එකට එයාටම දොස් කියා ගන්න ගමන්. ... නම්ජූන් ජින් ගේ හොස්ටල් එකත් පහු කරගෙන දිගටම ඩ්‍රයිව් කරපු නිසා ජින් ඇස් දෙකත් ලොකු කරන් නම්ජූන් ගේ පැත්තට හැරුනා .

" කො...කොහෙද යන්නේ.... "

" මට ඕන දිහා..."

" ඒ...ඒත්.... හොස්...."

"කටවහගන්න.. මම කීවනේ... මම යන්නෙ මට ඕන දිහා... "

ජින් ආයෙමත් මොකුත්ම අහන්නේ නැතුව කටපියා ගත්තේ තව මොනාම හරි ඇහුවොත් ජීවත් වීමේ ආසාව අතඇරගන්න වෙන නිසා..

Jin's pov :

අනේ මූ මාව මරයිද... හරි හරි දෙයියනේ මම දන්නවා දැන් එයා මට ආදරෙයි ... ඒත් ඉතින් ආදරෙයි කියලා මෙච්චර දේවල් .... හපොයි... මදැයි මමත් ඉදලා ඉදලා ආදරේ කරන්න ගත්නා.. අර ගොන් හොබියා තමා මේ මෝඩ අදහස දුන්නේ.... අනේ දැන් මම ඉවරෙටම ඉවරයි .....

We just friends ☯︎︎ [ completed ]Where stories live. Discover now