"මොනාද මේ ඔයාල කියන්නෙ..
මම නෙමෙයි..
ඒ මම නෙවෙයි ..
මම එහෙම දෙයක් කලේ නෑ..."මම මේ ලෝකෙ බයම තනි වෙන්න.
ඒ හිංදම මම මෙච්චර කල් කරපු හැමදේම කරේ...
ඒත් අද..
ආයෙත් මං තනි වෙලා...මට මෙහෙම ඉන්න ඕන නෑ..
මම හැමෝගෙන්ම ඈතට දිව්ව..
හුගක් ඈතට...ඔව් මට තවත් මෙහෙම ඉන්න ඕන නෑ.
මට මේ ජීවිතේ ඇති වෙලා..
හමෝටම ඕන උදව්වක් ඕන වෙලාවට ලගට ගන්න කෙනෙක්ද..
ඒකද යාලුකම කියන්නෙ...
ඇයි අනිත් කෙනාගෙ දුක ගැනත් අහන්න බැරි.
ඇයි තව කෙනෙක්ට නිදහසට දෙයක් කියන්න බැරි..මේ ලෝකෙ වෙන කෙනෙක් දුකින් ඉන්නව දකින්න අකමැති, ඒ අයගෙ දුක නැති කරල දුක බෙදා ගන්න ඉදිරිපත් වෙන්නෙම දුක කියන දේ වැඩිපුරම දන්න අය..
මම මගෙ හිත එක්කම තර්ක කරන ගමන් නැවතුනේ බිල්ඩින් එකේ රූෆ්ටොප් එකේ..
මට මෙහෙම හැමෝගෙන්ම ඈතටම දුවන්න ඕන..
ඔව් තවත් ඈතට..
කාටවත් මගෙ ලගට එන්න බැරි වෙන තරම් දුරට...ඔව්
මට ඇති දැන් මෙහෙම පැනල ගියා..
මම අන්තිම පාරට පැනල යන්න තීරණය කරා...
මගෙ ජීවිතෙන්ම.ඔව් මම මේ ලෝකෙන්ම යනව.
එතකොට කාටවත් මට රිද්දන්න බෑ...මම රූෆ් ටොප් එක වටේ තිබුන කොට තාප්පෙට නැග්ග.
මම යනව.
මේ බොරු බැදීම් තියෙන ලෝකෙන් පැනලම යනවතවත් ඉන්න ඕන නෑ.
එහෙම හිතල මම ටික ටික තාප්පෙ අන්තිම ගැට්ටට ලං වුනා..
එහෙනම් හැමෝටම බායි.
මේ වරද මම කරපු දෙයක් නෙවෙයි.
ඒත් මම මෙච්චර කල් බය වුණු දේ අද වෙලා..
යාලුවො තරහ වෙලා..
මට මේ පීඩනේ ආයෙත් දරා ගන්න බෑ...අම්මෙ, තාත්තෙ මට සමාවෙන්න.
තවත් මට මේ දුක විදින්න බෑ...එහෙනම් මම යනව.
.
.
.
.
𝙸𝚗𝚜𝚒𝚍𝚎 𝚘𝚏 𝚖𝚎
𝚃𝚑𝚎𝚛𝚎 𝚜 𝚜𝚝𝚒𝚕𝚕 𝚝𝚑𝚊𝚝 𝚊𝚠𝚔𝚠𝚊𝚛𝚍 𝚙𝚊𝚛𝚝 𝚘𝚏 𝚖𝚎
𝚋𝚞𝚝 ,
𝚈𝚘𝚞'𝚟𝚎 𝚜𝚑𝚘𝚠𝚗 𝚖𝚎
𝙸 𝚑𝚊𝚟𝚎 𝚛𝚎𝚊𝚜𝚘𝚗𝚜
𝙸 𝚜𝚑𝚘𝚞𝚕𝚍 𝚕𝚘𝚟𝚎 𝚖𝚢𝚜𝚎𝚕𝚏
.
.
.
ආශ්...
මේ වෙලාවෙත් වද දෙන්නෙ කවුද...
YOU ARE READING
𝐎𝐮𝐫 𝐒𝐭𝐨𝐫𝐲 (Complete)
Short Story"මේ ලෝකෙ වෙන කෙනෙක් දුකින් ඉන්නව දකින්න අකමැති, 💔 ඒ අයගෙ දුක නැති කරල දුක බෙදා ගන්න ඉදිරිපත් වෙන්නෙම 😊 දුක කියන දේ වැඩිපුරම දන්න අය..😶😶" . . . . "ප්ලීස් .. කවද හරි දවසක උබලට මාව අවිශ්වාසනම් ඒ ගැන මගෙන් අහපන්.. මම වැරැද්දක් කරොත් මට ඒක කියල මාව හ...