.
.
මම එතකොට තමයි එයා දිහා බැලුවෙ.
මම හිතුවෙ එයත් මට හිනා වෙනව කියල.
ඒත්...
නෑ..
එයාගෙ ඇස්වලත් කදුලු පිරිල."ළමයි හැමෝම නිශ්ශබ්ද වෙන්න.
මොකද මේ....
ඇයි අබේසිංහට ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕන කිව්වම ඔයාල හිනා වෙන්නෙ.
එයා පන්තියෙ අන්තිමය හින්දද.""දෙයක් කරන්න ඕන හොද අධිෂ්ඨානයකුයි, ඒකට කැපවීමයි විතරයි.
තමන්ට කරන්න ඕන කියල හිතුනොත් ඒක කරන්න ඕන කෙනෙක්ට පුලුවන්. ඕන වෙන්නෙ ඒකට උත්සාහ කරන එක් විතරයි."" අබේසිංහ,
ඔයා පන්තියෙ අන්තිමය වෙන්න ඇති.
ඒත් ඔයාට සතුටුවෙන්න පුලුවන්.
මේ පාරත් ඔයා තමයි ගණන්වලට පන්තියෙ විතරක් නෙවේ, ශෙක්ශන් එකේම වැඩිම මාක්ස් තියෙන්නෙ. 98 ක්,
ඒ වගේම නැටුම් වලට 94ක්. ඒකත් ශෙක්ශන් එකේම වැඩිම ළකුණු..
දන්නවද ශෙක්ශන් එකේම සබ්ජෙක්ට් දෙකකට වැඩිම ළකුණු ගත්ත එකම ළමය ඔයා විතරයි.
හැමෝම එයාට අත්පුඩියක් ගහන්න."මේක ඇත්තක්ද...
චව්ව හැමදාම මට බැනපු එක විතරයි කරේ.. ඒත් ඇයි මේ අද හොද කියන්නෙ..
ඕන එකක්..
මට ඕන හිනාවුන අයට පෙන්නන්න මට ඒක කරල පෙන්න්න.ඔව්..
මට අලුතින් බලාපොරොත්තුවක් හම්බවුනා.."අබේසිංහ, ඔයා බණ්ඩාර එක්ක් ඉන්ටවල් එකේදි ස්ටාෆ් රූම් එකට එන්න"
එහෙම කිව්ව චව්ව පාඩම පටන් ගත්ත.
ඉන්ටවල් එකට බෙල් එක ගහපු ගමන් වෙනදට කන්න අපේ සෙට් එක ලගට යන මම අද එතනම ඉදගෙන බලාන හිටියෙ මම අද මොකක්ද කරන්නෙ කියල.
එතකොට තමයි සකුන්තලා මතක් කරේ ස්ටාෆ් රූම් එකට එන්න කිව්ව නේද කියල.
අර කට්ටියව මගාරින්න විදිහක්. .
"අපි දැන් යමුද.. ගිහින් ඇවිත් කමු."
"හරි යමු."
ස්ටාෆ් රූම් එක කියන්නෙ මට නුහුරු තැනක් නෙවෙයි.
හුග දවසකට මම එතෙන්ට යනව. අපේ සෙට් එකම එක්ක.
ඒ ඉතින් පෝලිමට හිටගෙන බැනුමක් හන්න.ඒත් අද....
ඇතුලෙ හිටපු ටීචර්ස්ලත් අපි දිහා බැලුවෙ අද කරපු වැරැද්ද මොකක්ද කියල බලන්න වගේ..
ඒත් සකුන්තලා දැක්කට පස්සෙ හැමෝගෙම තිබුනු ප්‍රශ්නෙ තවත් වැඩි වුනා..
YOU ARE READING
𝐎𝐮𝐫 𝐒𝐭𝐨𝐫𝐲 (Complete)
Short Story"මේ ලෝකෙ වෙන කෙනෙක් දුකින් ඉන්නව දකින්න අකමැති, 💔 ඒ අයගෙ දුක නැති කරල දුක බෙදා ගන්න ඉදිරිපත් වෙන්නෙම 😊 දුක කියන දේ වැඩිපුරම දන්න අය..😶😶" . . . . "ප්ලීස් .. කවද හරි දවසක උබලට මාව අවිශ්වාසනම් ඒ ගැන මගෙන් අහපන්.. මම වැරැද්දක් කරොත් මට ඒක කියල මාව හ...