"මට තනියම ඉන්න දෙන්න"
.එහෙම කියල මම බිල්ඩින් එකේ රූෆ් ටොප් එකට දිව්වෙ හැමෝගෙන්ම ඈත් වෙන්න ඕන කමට.
.
ඇයි මම කවදාවත් නොකරපු දේකට සැක කරන්නෙ..
මම එයාලට කිසි වරදක් නොකරපු නිසාද..
මම හුගක් අහිංසක විදිහට එයාල කියන හැමදේටම ඔලුව නමල ඒව පිළි අරන් එයාලට උදව් කරන හිංදද..
කිසිම ප්‍රයෝජනයක් ගැන හිතන්නෙ නැතිව..."මාව තේරුම් ගන්න මේ ලෝකෙ කාටවත් බැරි වෙයි කවදාවත්..
ඔයා කිව්ව හරි සෙනූ..
මම හරි ගුප්ත චරිතයක්..
ඒත් ඒ චරිතෙ අදුර ගත්තෙ ඔයා විතරයි.."මට තවත් මේ දුක විදින්න ඕන නෑ...
මට ඕන මේ හැම දේකින්ම පැනල යන්න...
⚡ෆ්ලාශ් බැක් එන්ඩ්⚡
************************************
"මම හැමදේම කියන්නම් සෙනූ.."
"පෙරේද කමිටුවක් තිබුන.
අපේ ක්ලිනිකල් ප්‍රශ්නවලට මොකද කරන්නෙ කියල කතා වෙන්න .
අපි සාමාන්‍යයෙන් කමිටුවෙ ඉද්දි ෆෝන් යූස් කරන්නෙ නෑ.ඒත් ඊයෙ අම්මගෙන් මිස් කෝල් 10 ක් විතර ආව එක දිගටම කමිටුවෙ ඉද්දි.
ඒක හිංද ඒ ගැන අහන්න අම්මට මැසේජ් කරා.කමිටුව ඉවරවෙලා යන්න හදද්දි මගෙ පෑන වැටුන නිසා ඒක ගන්නයද්දි දැක්ක කමිටුවෙ ඩෙස්ක් එක යටින් වොයිස් රෙකෝඩර් එකක් සෙට් කරල තියෙනව.
ඉතින් මම ඒක ගලවල සභාපති සහෝදරයට දුන්න.
හැබැයි එහෙම දෙනව දැකපු කෙනෙක් ගිහින් අනිත් යට කියල තියෙන්නෙ මම ඒව රෙකෝඩින්ං කරා කියල.
ඊයෙ මාව ඩීන්ගෙ ඔෆිස් රූම් එකට ගෙන්නල තිබ්බ.
ඒ මේ පාර ආව බැජ් එකේ නංගි කෙනෙක්ට මම රැග් කරා කියල.එතන තව ලෙක්චර්ස්ල වගේකුත් හිටිය.
එයාල මට බැනල මේක පළවෙනි පාර හිංද යන්න දෙන්නම් කියල යැව්ව.
ඒත් අද උදේ වෙද්දි අපේ ළමයි 10 දෙනෙක් සස්පෙන්ඩ් කරල.
හැමෝම හිතාන ඉන්නෙ මම ඒ මීටිං එක රෙකෝඩ් කරල ඩීන්ට ගිහින් දුන්න කියල.
YOU ARE READING
𝐎𝐮𝐫 𝐒𝐭𝐨𝐫𝐲 (Complete)
Short Story"මේ ලෝකෙ වෙන කෙනෙක් දුකින් ඉන්නව දකින්න අකමැති, 💔 ඒ අයගෙ දුක නැති කරල දුක බෙදා ගන්න ඉදිරිපත් වෙන්නෙම 😊 දුක කියන දේ වැඩිපුරම දන්න අය..😶😶" . . . . "ප්ලීස් .. කවද හරි දවසක උබලට මාව අවිශ්වාසනම් ඒ ගැන මගෙන් අහපන්.. මම වැරැද්දක් කරොත් මට ඒක කියල මාව හ...