🌼 𝐏𝐚𝐫𝐭 2 🌼

260 69 76
                                    


දැන් ඉතින් අනිත් ළමයින්ගෙ ආසම කාලය.
මගෙ..
.
මගෙ අකමැතිම කාලෙ...

ඉස්කෝලෙ නිවාඩු කාලෙ...
.
.
අවුරුදු නිවාඩුවට අම්මගෙ නංගිල 4 දෙනයි එයාලගෙ පවුලෙ ළමයි හැමෝමයි අම්මගෙ මහගෙදරට එකතු වෙනව.

කට්ටිය එකතු වෙලා හොදටම සතුටුවෙන කාලෙ..
පොඩි අය 6 දෙනයි.
මුලු ගේම අනිත් පැත්ත හරවනෝ..
6ක් කීවට ඒව කරන්නෙ පස්දෙනයි..

අනිත් කෙනා..
.
.
අනිත් කෙනා මම .
මම පැත්තකට වෙලා බලන් ඉන්නව.

කවදාවත් මගෙ අක්කල දෙන්නවත් මල්ලිල දෙන්නවත් නංගිවත් මට සෙල්ලම් කරන්න කතා කරල නෑ..
මම දන්නෙ නෑ එයාල මගෙ නමවත් අඩුම ගානෙ දන්නවද කියල.

පුංචිල හැමෝම අනිත් හැමෝටම දාපු නික් නේම් එකක් තියෙනෝ...
එයාල හැමෝටම ආදරේට කතා කරපු නමක්.
ඒ අය ඕන වෙලාවක මොනා කිව්වත් කරල දෙනව.
කන්න ඕන කියන ඕන දෙයක් හදල දෙනව.
එයාල මොන වැරැද්ද කරත් ඒව වැරදි නෙවෙයි...
පොඩි ළමයි කරන දග වැඩ...

ඒත්
මට ඒ නීති අදාල වුනේ නෑ..
අම්ම මට ලොකූ කිව්වට,
පුංචිල හැමෝටම මම නිකන්ම නිකන් සචී විතරයි.

ආදරේට කතා කරපු නමක් නෙවෙයි...

මම මොන දේ කරත් වැරැදී කියල මට බනින්න කෑ ගහන්න විතරයි ඒ නමින් කතා කරේ...

මම මුලින් මුලින් කැමති දේවල් ඉල්ලුවත් මට තේරුන එකම දේ මාව එයාලට වදයක් කියල.
අනේ මන්ද මම මොනා කරාට එයාලට මාව පෙන්නන්න බෑරි ද කියල.

අන්තිමට මම තීරණය කරා
දෙන දෙයක් කාල වෙන දෙයක් බලාන පැත්තකට වෙලා ඉන්න.

ඔය ඉන්න ගමන් ඉතින් මගෙ එකම විනෝදෙ කුරුලු ලෑල්ලට එන කුරුල්ලන්ට කතා කරන එක, එහෙම නැත්තන් ගෙදර හිටපු බල්ල බ්‍රවුනිට කතා කරපු එක.

එයාල විතරයි මාත් එක්ක කතා කරේ...

මගෙ ජීවිතේ අදුරු පැත්ත තමයි මේ...

ඒ හැමදාම මම ඇහුවෙ බැනුම් විතරයි.
කිසිදෙයක් නොකර එක තැනක ඉදගෙන හිටියත්

"මෙලෝ දෙයක් කරන්නෙ නෑ ඉදගෙන ඉන්නව.. "

කියල හරි බනිනව.

𝐎𝐮𝐫 𝐒𝐭𝐨𝐫𝐲 (Complete)Where stories live. Discover now