episode 01 🍀

545 60 6
                                    


මං සමාධි . මට වයස 21 යි. මං මීට මාසෙකට කලින් හිටියෙ ලංකාවේ . දැන් ඉන්නෙ දකුණු කොරියාවේ . යාලුවො නම් මට කියන්නෙ ආදී .
මං කොරියාවට එන්න හීනෙකින්වත් හිතුවෙ නැති මනුස්සයෙක් . ඒත් ආවෙ මගෙ යාලුවො දෙන්නත් එක්ක. අපි එකේ පන්තියෙ ඉදන්ම යාලුවො . 🥰 එකෙක් නෙවෙයි . එක ජාතියෙ ෆොටෝ කොපි දෙකක් . ඔව් ඔව් උං දෙන්නා නිවුන්නු. එකෙක් උදානි අනිකා උශානී .

මගෙ අක්කා Doctor කෙනෙක් . ඒත් මං university student කෙනෙක් . මටනම් ඕනෙ teacher කෙනෙක් වෙන්න. ඒ මගෙ පොඩිකාලෙ තිබුන උණක්. 🥰 ආයෙ මං ආසයි fm එකක් වැඩ කරන්න . ඒකට කැමති එක හේතුවක් තමයි මගෙ break නැති කට . අනික තමයි මට තියෙන music පිස්සුව. මං මීයෙක් වගේ අත කට පියන් හිටියට විශාරද කෙනෙක් . 😁

මගෙ මෝඩ යාලුවො දෙන්නට වයස 22යි . ඒක ලොකු කතාවක් . මං ඉපදුනේ ජනවාරි . උං මාර්තු. මට මාස දෙකක් වෙද්දි උංට අවුරුද්දක් . 🥰 ඒත් ඉතින් අපි එකතු උනාම නම් ඉතින් කියලම වැඩක් නෑ. මොංගල් සුපිරියටම. අපි එකෙක් ඉස්කෝලෙ ගියෙ නැත්තම් මිස්ලා අහන්නෙ කෝ පවුලෙ අනිකා කියලා..ඒතරම් අපි fit. අපේ පන්තියෙ එවුන්නම් කියන්නෙ තුම්පත් රෑන කියලා .

ඔන්න මං කතාව හදුන්වලා දුන්නා. කැමතිනම් මාත් එක්ක ඉන්න . 🥰 අමතක නොකර comment කරන්න. පහල තියෙන 🌟 ටත් පයින් එකක් ඇනගෙන හිතෙන දෙයක් කොටාගෙන යන්න . Stay safe . Love u all .

Alone love  [ COMPLETED ] Where stories live. Discover now