මං jungkook . Jeon company එකේ CEO . Company එක මගෙ තාත්තා තමයි company එකේ manager . මම තමයි මේ පව්ලෙ ඉන්න එකා යකා. 😁 ඔව් ඉතින් මම විතරයි එකම ලමයා.
ඒත් මං ඉන්නෙ මගේ පාඩුවෙ. ඔම්මයි , අප්පයි ,මායි . අපේ අම්මට හරි හදිස්සී ඉක්මන්ට ලේලියෙක් බලන්න. ඒත් අම්මනම් කියයි. මට කිසිම කෙනෙක්ව අල්ලන්නෙ නෑ.
මට proposal එකක් ගනත් තියෙනවා තාත්තගෙ යාලුවෙක්ගෙ දුවෙක්ගෙන් . එයාගෙ නම් ලියා. මටනම් ලියාව පේන්න බෑ. මොකද එයා නිතර club එකට යනවා. බීගෙන මයි ඉන්නෙ. මට හරි කරදරයක් එයාව.ඒත් ඒක ඔම්මලගෙ සතුට. එයා ඉන්නෙ ඔම්මල ඉස්සරහ මේ ලෝකෙ ඉන්න අහිංසකම කෙල්ල විදිහට. සතියෙම තිබුන ප්‍රශ්න එක්ක මගෙ ඔලුව විකාර වෙලා . ඒක නිසා තමයි මං පාක් එක පැත්තට යන්න හිතුවෙ. මං ගිහින් කැෆේ එකේ හිටිය girl ගෙන් බනානා මිල්ක්ශේක් එකක් ඉල්ලුවාම එතනට ආපු girl කෙනෙක් ඒ කඩේ කෙල්ලත් එක්කම කියව කියව මිල්ක්ශේක් 2 ම ඉල්ලුවා. යකෝ සයිස් එක බටු ඇට දෙකක් විතර. මං ඒ girl දිහා බලන් හිටියා. මුලු ඇදුමම කලු පාටයි . කම්මුල පිරෙන්නම කලු පාට ෆ්‍රේම් එකක් තියෙන spex දෙකක් දාලා. ඉනෙන් පහලට දිග කොණ්ඩයක් පොඩි clip එකක් ගහලා. හරි active . කටනම් බ්‍රේක් නෑ. හරියට කියවනවා. මාත් මිල්ක්ශේක් එකක් අරන් පාක් එකට ආවා. අර girl ඉන්නවා මොකද්ද ලොකු වැඩක . මාත් ගිහින් ඒ bench එකේ කෙලවරකින් ගිහින් වාඩි වුණා. එයාටනම් ගාණක්වත් නෑ. Lap එකකුත් අරන් මොනවද පොත් ගොඩකුත් වට කරන් මොකද්ද වැඩක් කරනවා. මං මුකුත් නොකර එයා දිහා බලන් හිටිය. එයාට cll එකක් ආවා .
🌸 : එන්නෙ නැද්ද යකෝ ?
🖤 : එනවා යකෝ හිටාන්කෝ. නිවාඩු දවසෙවත් පාඩුවෙ ඉන්න දීපන්කෝ. මං කන්නෙ නෑ. මොනවහරි හදන් කාලා ඔයාලා නිදා ගන්න.
🌸 : මගෙන් කන්නෙ නැතුව දැම්ම ගෙදර එනවද ? නැද්ද ?
🖤 : හරි සුදූ එනවා. මං කන්න ගේන්නම්..
එහෙම කියපු එයා ඔක්කොම අකුලගෙන ඉක්මනට ගියා.
Ardhi ' p.o.v
Campus එකේ වැඩයි shop එකේ වැඩයි නිසා මං ගොඩක් busy වුණා. ඒත් මං ඉඩක් ලැබුන හැම වෙලේම පාක් එකට ගියා. වෙලාවකට අරුන් දෙන්නවත් එක්කන් ගියා.දවසක් මං පාක් එකේ ඉද්දි මනුස්සයෙක් ඇවිත් මං ඉදපු bench එකේ කෙලවරකින් ඉද ගත්තා. ඊට පස්සෙ මං දිහාට බනානා මිල්ක්ශේක් එකක් දික් කරා. මොනා වුනත් යුතුකම් දන්න කොල්ලෙක් . ඒත් මට ටිකක් විතර සැකයි. ඒත් මං මිල්ක්ශේක් එකක් වෙනුවෙන් අතක් පයක්
උනත් ගලවලා දෙන පොරක් . ඉතින් මං හිනාවක් දාලා ඒක ගත්තා.
එතකොටම එයා කතා කරා.💜️ :බය නැද්ද ?
🖤 : මොකටද ?
💜️ : නොදන්න කෙනෙක් දෙන දෙයක් කන්න බොන්න.
🖤 : මට කවුරුත් මොකවත් කන්න බොන්න දීලා මරන්නෙ මොකටද ? මං එච්ච්ර වටිනවද ?
💜️ : 🤣🤣 .. කෙල්ලෙක් ඔහොම කියවන්නෙ නෑනෙ . නොදන්න කෙනෙක් එක්ක.
🖤 : වෙන්න ඇති ඒත් මටනම් එහෙම ඉන්න බෑ. කතා කරා කියලා කට ගෙවෙනවද ? නෑනෙ . අනික මනුස්සයෙක් කතා කරන්නෙ මරන් කන්න නෙවෙයිනේ . මොකකහරි උවමනාවකටනෙ .
💜️ : 😁😁
🖤 : මං ඔයාගෙන් දෙයක් අහන්නද ?
💜️ : කියන්න .
🖤 : කොහොමද දන්නෙ මං මිල්ක්ශේක් වලට කැමතී කියලා .
💜️ : මං දකිනවා සමහර දවසට ඔයා අර කැෆේ එකෙන් පැක් එකක් උස්සන් යනවා. මොකටද එච්ච්ර ගොඩක් .
🖤 : CID එකේද වැඩ . මං ගැන හොයන්න කිව්වෙ කවුද ?
ආ.. ඒ ගන්නෙ මට බොන්න . 😁😁 දැන් ඔයාට ඕනෙ මොකද්ද කියලා මං කියන්නද ?💜️ : හාකෝ .
🖤 : ඔයාට ඕනෙ මාත් එක්ක කතා කරන්න , මාව යාලුවෙක් කරගන්න . මං හරිනේ.
💜️: කොහොමද දන්නෙ .
🖤 : මූණ දැක්කාම මට කියන්න පුලුවන් . අනික මට එහෙම හිතුනා.
Comment කරන්න . මං ගිහින් එන්නම් . මං ඉතින් හැමදාම update දෙනවනේ. අනික dubble game . ( අම්මෝ උබලගෙ කැත හිත . ශික් . එහෙම නෙවෙයි . මගෙ අනිත් කතාවත් ලියවනේ.
Where you are I ' m in here . පුලුවන්නම් ඒකත් කියවන්න . Love u all 🖤💜️
YOU ARE READING
Alone love [ COMPLETED ]
Romansතව මොනවද ජියෝන් ජංකුක් තමුන්ට මට කියන්න තියෙන්නෙ. අහ්... මට කවදාවත් එයාව නැති කරගන්න ඕනෙ වුණේ නෑ. ඒත් එයා මාව දාලා ගියා. දැන් මේ හිතේ තනියට ඉන්නෙ මේ බියර් කෑන් එක විතරයි . Broken angle 💔