2

120 32 1
                                    

රපු සද්දෙ ආවෙ කොහෙන්ද බලන්න ස්ටෝර් රූම් එක පැත්තට ගියා. ඒකෙ තියෙන්නෙ පරණ බඩු විතරයි.

ආයිශ් මීයෝ බඩු පෙරලනවද කොහෙද. නිකන් බොරුවට බය උනා. ඒත් අර මොකක්ද?

රපු ආයේ එන්න හැරෙන කොට දැක්කෙ නිකන් පෙට්ටියක් වගේ මොකක් හරි දෙයක් දිලිසෙනවා. රපුගෙ හිත කිව්වෙම ලගට ගිහින් බලන්න කියල. රපු ඒක ලගට ගිහින් ඒ පෙට්ටිය අතට ගන්නවා.

ශා.. මාරම ලස්සනයිනෙ. මෙච්චර ලස්සන පෙට්ටියක මොනවද දන්නෙ නෑ දාලා තියෙන්නෙ. 🥱🥱 නිදිත් මතයි. එක්කො හෙටම බලනවා.

රපු ආයෙ එන්න හැරෙන්නෙ අර පෙට්ටියත් අරන්මයි.

කාලය ගෙවිල ගියේ රපුටයි අනායටයි ලැබුන නිවාඩුව ඉවර කරමින්.

අපි යනවා අම්මේ.

පරිස්සමින් යන්න දුවේ. ගිහින් මට කෝල් එකක් දෙන්න.

හරි මම ගිය ගමන් කෝල් එකක් දෙන්නම්. ආයෙ ඉතින් නිවාඩු හම්බවෙන්නෙ exam ඉවර උනාම තමා.

රපු දුකින් උනත් පවුලෙ අයගෙන් සමු අරන් අනායා එක්ක නැවත තමන්ගෙ කුලි නිවසට ආවා.

අම්මෝ බන් මාර මහන්සි.

ආපු ගමන් ඇදට වැටුන රපු කියවන්න ගත්තා.

මේ ඇදුම් මාරු කර ගනින්. මම මොනව හරි හදල ගන්නම්. මටනම් බඩගිනි.

රපු තමන්ගෙ ඇදුම් බෑග් එක අස් කරන්න පටන් ගත්තෙ දැන් අස් කරේ නැතොත් ආයෙ හත් අවුරුද්දක් යනකන් බෑග් එක අස් කරන්නෙ නැති නිසා.

මේ මොකක්ද මේ. අහ් මේ අර පෙට්ටියනේ. මට එදා අමතක උනානේ බලන්න. දැන්වත් බලමු මොකක්ද කියල.

ඒත්

රපු ඇදුම් මාරු කරගත්ත නම් එන්න. කෑම ලෑස්තියි.

හරියෝ මම එනවා.

රපු නැගිට්ටෙ පෙට්ටිය මේසට උඩ තියන ගමන්.

.............................................................................

රපු අනායා පසුදින පටන් සුපුරුදු පරිදි කැම්පස් එකේ ලෙක්චර්ස් වලට කාලය ගෙවිල ගියා. ඔය අතරේ සති අන්ත නිවාඩුව ආව නිසා අද දෙන්නටම නිවාඩු.

මේ බන් රපු මැණික....

මොකෝ බටර් ගාන්නේ. අද කොල්ල එක්ක ඩේට් එකකට යන්නද.

ඔව් බන්.

යකෝ කැම්පස් එකෙත් උබල දෙන්න කොයි වෙලෙත් එකටමයි. ආයෙ වෙනම දවසකත් යන්න ඕනිද. අනේ මන්ද මේ කපල් වලට මෙච්චර මොනව කතා කරනවද කියල.

අපෝ බන් උබත් නිකන් හරියට අර ජින් ඔප්පා වගේ. කියවන්න ගත්තම ඉවරයක් නෑ.

අනේ උබයි උබේ ඔප්පයි. හරි හරි පලයන්. ඉක්මනට වරෙන් හොදේ.

හරි පණ මම යනවා. පරිස්සමින් ඉන්න.

අනායා ගිය ගමන් රපු එන්නෙ තමන්ගෙ කාමරේට.

හ්ම් කාමරේවත් අස් කරල දාන්න ඕනි අරකි නැති එකේ.

මම කාමරේ අස් කරනකොට තමා දැක්කෙ මේසේ උඩ තියෙන පෙට්ටිය. ඇත්තටම මම දවස් දෙකක් මේකෙ ඇතුලෙ මොනවද කියල බලන්න හිටියනේ අමතක උනානේ. දැන්වත් බලන්න ඕනි. එහෙම හිතල මම පෙට්ටිය ඇරිය ඒකෙ තිබ්බෙ...





😘 කතාව කියවන හැමෝටම ගොඩක් ආදරෙයි  😘

COME TO YOU (Complete)Where stories live. Discover now