6

108 30 0
                                    

ආයෙත් එයාම මගෙන් ඇහුව. මම මොනවද කියන්නෙ? මම චිත්‍රයක් ඇතුලෙන් ආවා කියන්නද?  අහ් නෑ නෑ චිත්‍රයක් හරහා. මේ මනුස්සයා හිතයි මට පිස්සු කියල.

අහ් දැන් ටිකක් කල් වෙනවා. ඔයා කවුද?

මගේ හිතේ ඇති වෙච්ච පලවෙනි ප්‍රශ්නය. මේ කෙනා කවුද කියල. ඒත් මම දැක්කා ඒක ඇහුවම එයා ටිකක් කලබල වෙනවා.

මම වැරදි දෙයක්වත් ද ඇහුවේ.

මම එහෙම ඇහුවෙ එයා එයාගෙ නම කියන්න කැමති නෑ වගේ කියල හිතුන නිසා.

අනේ එහෙම එකක් නෙමෙයි. මම කිම්.

කිම්?

ඔව් නිකන්ම කිම්. එතකොට ඔයාගෙ නම

අහ් මගේ නම රපු.

රපු. ලස්සන නමක්.

තෑන්ක්ස්. මම දැන් යන්න ඕනි. එහෙනම් මම යන්නම්.

හරි එහෙනම්. හෙටත් මේ වෙලාවට හම්බ වෙන්න පුළුවන් වෙයි නේද?

ම්ම්ම්... සමහර විට

මම යනවා කියල ආවේ ඒ වෙනකොටත් 1.00 කිට්ටු වෙලා නිසා. මොකද මෙහේට දැන් වෙලාව 4.15 යි.  වෙනද වගේම මම 12 වෙද්දි හිටියෙ මගේ කාමරේ. මේ දේවල් අනුට රහසක්. මොකද....

Flashback
අනු පොඩි දෙයක් පෙන්නන්න තියෙනවා.

මම අනූව එක්කන් මගේ කාමරේට ආවෙ චිත්‍රය ගැන කියනවා කියල. වෙලාව 12යි. ඒත්...

මොකක්ද බන් පෙන්වන්න තියෙන්නෙ. නිදිමතයි බන්.

ඒක කොහොමද එහෙම වෙන්නෙ. එහෙම වෙන්න විදිහක් නෑ.

මොන විදිහක්ද බන්. කියන දෙයක් තේරෙන්න කියපන්.

මේ මේ චිත්‍රය දිලිසුනා. එතකොට චිත්‍රය හරහා යන්න පුළුවන්.

ආව්......

එකපාරටම අනු මගේ අත කොනිත්තුවා.

නැගිටලත් හීන බලනවද. උබේ ඔය විකාර හීනෙ කියන්නද මාව ඇදන් ආවේ. නිදා ගනින් බන් චිත්‍රයක් දිහා බලන් ඉන්නෙ නැතුව. මම යනවා.

මම අනු කාමරයෙන් ගිය හැටිය චිත්‍රය ලගට ගිහින් අතගාලා බැලුවා. ඒක තිබ්බ විදිහමයි. කිසිම වෙනසක් නෑ. පහුවදත් මම 12ට චිත්‍රය බැලුවා එදා චිත්‍රය දිලිසෙන්න ගත්තා. ඒ කියන්නෙ මේ ගැන කාටවත් කියන්න බෑ. මේ රහස රහසක්ම විදිහට තියෙයි. ඒ නිසාම මම පින්සල ගැන හොයන්න ගත්තා. ඒකෙ තිබ්බෙ

COME TO YOU (Complete)Where stories live. Discover now