මම කාමරේ අස් කරනකොට තමා දැක්කෙ මේසේ උඩ තියෙන පෙට්ටිය. ඇත්තටම මම දවස් දෙකක් මේකෙ ඇතුලෙ මොනවද කියල බලන්න හිටියනේ අමතක උනානේ. දැන්වත් බලන්න ඕනි. එහෙම හිතල මම පෙට්ටිය ඇරිය ඒකෙ තිබ්බෙ පින්සලක්. හරි ලස්සනට කැටයම් දාපු පින්සලක්. ඉස්සර විනෝදෙට චිත්ර ඇන්ද මම ඒ ලෙවල් කරන කාලේ ඒ වැඩ නැවත්තුව. ඉතින් මට චිත්රයක් ඇන්ද කාලයක් මතක නෑ. ඒ දවස් වල අම්මා එහෙම මට පින්සල් ගෙනත් දෙනවා. ඒත් මේ වගේ එකක්? අනික ඒක මෙහේ හදපු එකක් නෙමෙයි වගේ. මොකක් හරි පිටරට භාශාවකින් අකුරු ටිකක් කැටයම් කරල තියෙනවා. ඒක දැක්කම මට හිතුනෙම චිත්රයක් අදින්න. ඒත් මං ගාව චිත්රයක් අදින්න උවමනා තීන්තවත් මොකුත්ම නෑ.
පස්සෙ වෙලාවක අරන් ඇවිල්ලා ඇද ඇදල බලන්න ඕනි.
ඒ නිසා මම ඒක ආයේ ඒ පෙට්ටියටම දැම්මා. හවස් වෙනකොට මුළු ගෙදරම අස් කරන්න පුළුවන් උනා.
රපු......
අහ් අනායා ඇවිල්ලද කොහෙද.
කොහොමද අද දවස. හොදට ඇවිද්දද.
අම්මෝ ඔව්. ෆිල්ම් එකක් එහෙම බැලුවා.
කන්න මොකුත් ගෙනාවෙ නැද්ද බන්.
උබත් පොඩි එකෙක් වගේ. ගෙනවා ගෙනවා. ආආආ...
ඕ...... කොත්තු..
ඔව් බන් දැන් උයන්න කම්මැලි.
අපි දෙන්නම කාලා නිදා ගන්න ගියා. මම නිදා ගන්න ගියේ හෙට පේන්ට් කරන්න ඕනි බඩුත් ගන්න ඕනි කියල හිතාගෙන. වෙනද වගේම මම ඇහැරුනේ අනායාගෙ ටකරන් වොයිස් එකෙන්. වෙනදට වඩා ඉක්මනින් මම ලෑස්ති උනා.
අහ් උබ දැන්ම යනවද
ඔව් අනායා. ගන්න දේවල් ටිකක් තියේ. උබ පලයන්. මම ඉක්මනින් එනවා.
එහෙනම් යන්න කලින් කලා යන්න.
මම මේස උඩ තිබ්බ සැන්විච් එක කකාම එලියට බැස්සෙ පේන්ටින් වලට උවමනා දේවල් ගන්න තැනක් හොයන් යන්න. අපි ඉන්නෙ ටවුන් එකට කිට්ටු වෙන්න. අහ් මම කොළඹ යුනිවර්සිටි එකේ තමා ඉන්නෙ. යුනිවර්සිටි එකට පයින් යන දුර. මම යද්දී දැක්කා ටිකක් පරණ තාලේ ශොප් එකක්. ඒකෙ මට උවමනා දේවල් සේරම තිබ්බා.මම ශොප් එකෙන් ඇවිත් යුනිවර්සිටි එකට යනකොට අනායා මග මං එනකන් බලන් ඉන්නවා.
මම ගොඩක් පරක්කු නෑනෙ.
කොහෙද උදෙන්ම ගියේ. මොනවද ගත්තෙ.
ආ.. මේ පේන්ටින් වලට ඕනි දේවල්.
ඔයා ආයේ චිත්ර අදින්න පටන් ගන්නද හදන්නේ.
ඔව් චිත්රයක් අදින්න හිතුනා.
එකපාරටම මොකද
නිකන්
හ්ම් යමු දැන් ලෙක්චර්ස් පටන් ගනී.
එදා මම ලෙක්චර් ඉවර වෙලා ඈවිල්ලා කාමරයට ගිය ගමන් කලේ චිත්රය අදින්න පටන් ගත්තා. දවස් 3ක් හැමදාම ලෙක්චර්ස් ඉවර කරල ඇවිල්ලා මම චිත්රය ඇන්දා.
ශා... මාරම ලස්සන තැනක්.
මම චිත්රයට ඇන්දෙ ගඟක් එක්ක පාලමක රෑ දර්ශනයක්. තව පින්සලක් අතේ තියන් ගඟ දිහා බලන් ඉන්න ළමයෙක්.
මේ තැව නිකන් හොදට පුරුදු තැනක් වගේ. ඒත් මතක් වෙන්නෙ නෑනෙ. කොහෙද දැකල තියෙන්නෙ. කොච්චර මතක් කරන්න හැදූවත් මතක් වෙන්නෙම නෑනෙ.
පස්සෙ දවසක හරි මතක් වෙයි කියල හිතල මම නිදා ගන්න ගියේ හෙට ඉදන් අතපසු වෙච්ච පාඩම් ටික බලා ගන්න ඕනි කියල හිතල.
මේ රපු ඔයා assignment එක කලාද
කලා. ඇයි
එහෙනම් අද මට උදවු කරනවද ඒක කරන්න.
අනුත් එක්ක assignment එක 12 වෙනකොට ඉවර කර ගන්න පුළුවන් උනා. නිදා ගන්න කියල ලෑස්ති වෙලා ඇදට ආවම එකපාරටම
YOU ARE READING
COME TO YOU (Complete)
Fanfictionඔයා කොහේ කෙනෙක්ද. කොච්චර කල්ද මෙහේ ඇවිත්. ආයෙත් එයාම මගෙන් ඇහුව. මම මොනවද කියන්නෙ? මම චිත්රයක් ඇතුලෙන් ආවා කියන්නද? මේ මනුස්සයා හිතයි මට පිස්සු කියල.