7

94 30 0
                                    

ඔහොම ඉන්න කොට අපේ කතාව නවත්තන්න උනේ එතනට ආපු කෙනා නිසා.

සර් නම්..

අහ් හරි මම දැන් එන්නම්. රපු මම දැන් යන්න ඕනි. එහෙනම් හෙට හම්බ වෙමු.

එතනට ආපු මනුස්සයා කියන්න ගියදේත් මගින් නවත්තල එයාට උත්තර දුන්නා. ඊට පස්සේ මගේ පැත්ත හැරිලා යන්නම් කියල එයා ඉදන් හිටපු තැනින් නැගිට්ටා. මාත් ඒත් එක්කම නැගිට්ටෙ මටත් යන්න වෙලාව හරි නිසා.

.............................................................................................................................

උබ මේ දවස් ටිකේ හරි අමුතුයි. තනියෙන් හිනා වෙනවා. දවසක් මන් බලන් හිටියෙ අර කාමරේ තියෙන චිත්‍රය දිහා බලන් හිනා වෙවී ඉන්නවා. මගෙන් මොනව හරි හංගනවද රපු.

මේ දවස් වල මම නිතරම අනුගෙන් ඔය වචන සෙට් එක අහගන්නවා.

අයියෝ එහෙම එකක් නෑ අනේ.

නෑ තමා. Last exam එක දවස් කිට්ටුයි. Exam එහෙම ඇන ගන්නවකො. එතකොට මම බලා ගන්නම්.

අම්මෝ හරි හරි යමු මට බඩගිනි. තව ටිකකින් ලෙක්චර් පටන් ගනී.

ලෙක්චර් එක වෙලාවෙදිත් මට මිස්ටර් කිම් ව මතක් උනේ ඇයි කියල නම් මම දන්නෙ නෑ. ඒත් එයාව මතක් වෙන හැම සැරයකම මගේ මුනට හිනාවක් එන්නෙ නිරායාසයෙන්ම යි. තව හරියටම සතියකින් මගේ exam. ඊට පස්සෙ තියෙන්නෙ ට්‍රේනින්.

දවස් ගෙවිල ගියේ හරි ඉක්මනට. හෙට මගේ exam පටන් ගන්නවා. මගේ හිතට ආපු ක්ෂනික සිතූවිල්ලක් නිසා මම දැන් ඉන්නෙ කොරියාවේ. ඔව් මට ඕනි එයා එක්ක කතා කරන්න. එයාට සේරම කියන්න. අනුට රහසක් උන මගේ ගමන එයාට කියන්න ඕන කලා. මොකද මේ අදුර ගත්ත ටික කාලෙකට අපි දෙන්නා අතර ගොඩක් ලොකූ සම්බන්ධයක් ගොඩනැගිලා. මාක්ස් එකක් දා ගත්ත කළු ඇදුමින් හැඩ උන මං බලාපොරොත්තුවෙන් හිටිය කෙනා මගේ ඉස්සරහින් අත එහාට මෙහාට කරනකොට තමා මං මේ ලෝකෙට ආවේ.

මොකද මං දිහා බලන් ඉන්නෙ කන්න වගේ. මගේ හැන්සම් ලුක් එකට වශී උනාද.

මම ආසම දෙයක් හිනා යන්නෙ නැති එයාට විතරක් හිනා යන එයාගෙ විහිළු.

අනේ වැඩේමයි. හැන්සම්ද නැද්ද කියල බලන්නවත් ඔය දාන් ඉන්න මාක්ස් එක ගලවනවද ඔයා. කවුද දන්නෙ හැන්සම්ද නැද්ද කියල.

ඔයාට දවසක මම සේරම කියන්නම්. එතකන් මට ටික තව දවසක් දෙන්න රපු.

ඒත් මහ ආවේ සේරම දේවල් කියන්න.

සේරම දේවල්?

එයා ඇහුවෙ පුදුම වෙච්ච මුනකින්. මම ඔව් කියන්න ඔළුව හොල්ලලා මගේ කතාව පටන් ගත්තා. මම දන්නෙ නෑ අනු වගේ එයාටත් මාව විහිළුවක් වෙයිද කියල. ඒත් මම සේරම දේවල් කියන්න තීරනය කරල ඉවරයි. පින්සල හම්බ උන දවසෙ ඉදන් අද වෙනකන් හැමදේම මම එයාට කිව්වා. ඒ කියන ගමන් එයාගෙ ඇස් දිහා බලන් හිටියෙ එයාගෙ හැගිම් තේරුම් ගන්න. මටම පුදුම හිතුනා. එයා හරිම ඕන කමින් මම කියන දේවල් අහන් හිටියා.

මම අහල තියෙනවා ඔය වගේ පින්සලක් ගැන. ඒ පින්සල කාලයත් එක්ක ආතුරුදහන් උනා කියල තමා කියන්නෙ. ඒ කියන්නෙ දැන් ඔයා ගාව තියෙන්නෙ ඒ පින්සල.

මම පුදුමෙන් බැලුවෙ මගේ අතේ තියෙන පින්සල දිහා.

තව කියනවා. ඔය පින්සලෙන් අපේ දෛවය වෙනස් කරනව කියලත් කියනවා.

දෛවය වෙනස් කරනවා?

මාත් හරියටම දන්නෙ නෑ. මම කිව්වෙ මම අහල තියෙන දේ.

ඔයා මං කියපු දේවල් විශ්වාස කරනවද.

විශ්වාස නොකරන්න හේතුවක් නෑනෙ. ඔයා කියපු දේවල් බොරු නම් ඔයා දැන් මෙතන ඉන්න විදිහක් නෑනෙ.

මගේ හිතට ලොකු නිදහස් දැනුනා. මම අද එන්න ආවේ හිතේ ලොකු සතුටක් එක්ක. දවස් වෙනද වගේ ගෙවිල ගියා. ඒත් දවසක්................

COME TO YOU (Complete)Where stories live. Discover now