වර්තමානය

154 21 12
                                    

ඒ 1969 වසරේ ගිම්හාන සෘතුව විය. සිසිරය තම ආධිපත්‍යය පසෙකලා නවමු වූ ගිම්හානයට ඉඩහසර ලබාදෙමින් ලොවට සමු දී තිබුණු නමුදු අවට පරිසරයෙහි තවමත් මද සීතලක් තැවරී තිබුණි. එහෙත් සීතල කාලගුණය පිළිබඳ නොතකමින් බටහිර ජර්මනියේ බොන් නගරයේ ප්‍රධාන චතුරස්‍රයට පිරිසක් එක්රැස්ව සිටියහ. ඔවුන් අත වූ විවිධ පුවරු රැදී තිබූ අතර ඒවාහි  “සමලිංගික නිදහස”, “ආදරයට වර්ණයක්, ලිංග භේදයක්, ජාතියක්, වයස් භේදයක් නැත.”ආදී වාක්‍ය සඳහන් ව තිබුණු අයුරු දක්නට ලැබුණි. ඔවුන්ගේ ප්‍රීතියෙන් පිරුණු මුහුණු දුටු අයෙකුට නම් ඔවුන් යම් සුවිශේෂී අවස්ථාවක් සමරන බවට අනුමාන කළ හැකිවුණි. එතැන සිටි බොහෝ දෙනා යුගල වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන් රැස්ව සිටියත් එක් අයෙකු පමණක් ඔවුන්ගෙන් මදක් වෙන්ව දිස්වුණි. ඔහුගේ මුහුණෙහි ද අන් අයගේ වගේම සතුටක් පෙනෙන්නට තිබුණත් ඔහුගේ දෑස්වල මද වේදනාවක් රැඳී තිබුණු බව ඔහුව ආසන්නයට ගොස් නිරීක්ෂණය කළ කෙනෙක්ට දැකගැනීමට අවකාශය තිබිණි. නමුත් සියල්ලන්ම පාහේ තම සහකාරියන්, සහකාරයන් සමග තම ලෝකවල තනිව සිටි නිසා ඔවුන්ට මොහුගේ වේදනාව පිළිබඳව සංවේදනය නොවුණි. ඔහු හිස හරවා තම පසෙකින්  සිටගෙන සිටි තම දීර්ඝකාලීන මිතුරිය දෙස බැලුවේ ය. මොනිකා නම් වූ ඈ තමන්‌ගේ පෙම්වතිය වූ සුසෑන්ව සිප ගනිමින් සිටියා ය. ඔවුන් දෙස ආඩම්බරය පිරුණු සතුටු සහගත බැල්මක් හෙළූ ඔහු එතැනින් නික්ම ගියේ ය. ඔවුන් සතුට සමරමින් සිටි අතරේ ඔහුටද ඒ සතුටුදායක මොහොත ‘ඔහුත්’ සමග බෙදා ගැනීමට අවශ්‍ය විය.


ඒ නිසා ඔහු ‘ඔහු’ව මුණගැසීමට යාමට තීරණය කළේ ය. ඔහු තම සිරුරේ වූ කබාය තදින් සිරුරට තද කරගනිමින්  චතුරස්‍රය දෙසින් ඉවතට පා තැබුවේ ය. මාර්ගය තරණය කොට රථගාලට පිවිසුණු ඔහු තමන්ගේ මෝටර් රථය පණ ගන්වාගෙන එතැනින් පිටත් වුණි. ඔහු කොලොං වෙත යොමුවුණ මාර්ගය ඔස්සේ තම මෝටර් රථය ධාවනය කළේ ය. ඒ අතරමග රථය නැවැත්වූ ඔහු මල් විකුණන සාප්පුවකින් ලිලැක් මල් පොකුරක් මිලට ගෙන නැහැයට ළංකර එහි සුවඳ විඳ ප්‍රවේශමෙන් රියදුරු අසුනට යාබද අසුනේ තැන්පත් කළේ ය. ඉන්පසු රථයට ගොඩවුණු ඔහු නැවතත් තම රථය ධාවනය කිරීම ආරම්භ කළේ ය.

Someone He Loved (On Hold)Where stories live. Discover now