" ඔම්මා මන් අද කලින් ආවා "
" ඔව් චුසෝක් නිසා කස්ටමර්ස්ලා නෑ "
" චුසෝක් වලට එන්න බැරි වුණත් ඔම්මාව බලන්න ඉක්මනටම එනවා "
" මට අද හ්‍යුන්ග් කෙනෙක්ව හම්බවුණා. එයා හරි හොදයි. එතන සින්දු කියන්නේ එයා"
" හරි ඔම්මා. මතක් කරලා බෙහෙත් ටික බොන්න "
" තියන්නම් ඔම්මා. සුභ රාත්‍රියක් "
ජන්කුක්ගේත් ඔම්මාගේත් මේ දුරකථන සංවාදය සෑම රැයකම අනිවාර්යයෙන් සිදුවිය. කුඩා කල දීම පිය සෙනෙහස අහිමි වූ ජන්කුක්ගේ හැමදෙයක්ම වුණේ ඔහුගේ ඔම්මා.
ඇයව ඉන්චොන්වල තනි කිරීමට හිතක් නොවුණද ඇයට හොද ජීවිතයක් දීමේ බලාපොරොත්තුවෙන් ඔහු නව රැකියාවක් සොයාගත්තේය.තැන තැන වැටී තිබූ ඇදුම් ඔහුගේ කාමරයට නුපුරුදු දෙයක් නොවිය. පිටත ගල් ගැහෙන්නට තරම් සීතලක් තිබුණද ඔහු වායුසමීකරණය ක්‍රියාත්මක කළේ දවසම සුළං පොදක්වත් නොලැබුණ කාමරය බොහෝ උණුසුම් වී තිබූ නිසාය. වේලාසන නවාතැනට පැමිණි ඔහු අලුතෙන් ගෙනා කැන්වස් කඩදාසියක් කුරුටු ගෑමට පටන් ගත්තේය.
ඔහුගේ ගායනය මෙන්ම කතා බහද සිත නිවනවා. ඔහුගේ රූපය ද ලැසි ගීයක පද පෙළක් වගේ, අංගසම්පූර්ණයි. ඒ ගැඹුරු ඇස්, කැරලි ගැසුණු කොණ්ඩය, ලා රතු පැහැ තොල් දකින ඕනෑම කෙනෙක්ව ආකර්ෂණය කරගන්නවා.
මිනිරන් තුඩ රටා අදින අතරේ ජන්කුක් සිටියේ ටේහ්‍යුන් ගැන වූ කල්පනාවක ය.
ඔරලෝසුව දෙස බැලූ ඔහු සුදු රෙදි කඩකින් කැන්වස් කඩදාසිය වසා දැමුවේ බොහෝ රෑ වී ඇති බව වැටහුණු හෙයිනි.°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°•
දවස් ගත වීමත් සමග ටේහ්‍යුන් හා ජන්කුක් කතාබහින් බොහෝ සමීප වූහ. ජන්කුක්ට ටේහ්‍යුන්ව වෙනස් නොවන උද්‍යෝගිමත් අයෙකු ලෙස පෙනුණද ටේහ්‍යුන් ජන්කුක්ව නිතරම දුටුවේ වරක සතුටු ද වරෙක හිස් වූ අයෙකු ද ලෙසිනි.
ගායනයෙන් අනතුරුව පියානෝ වාදකයා වෙත අවස්ථාවක් ලබා දුන් ටේහ්‍යුන් විවේකාගාර කාමරය වෙත පිය නැගුවේය.
ජල කරාමයෙන් ජල දෝතක් ගත් ටේහ්‍යුන් මුහුණ සෝදාගත්තේ ඔහු අසල වූ නිදිමත බැහැර කිරීමට.
YOU ARE READING
Ballad || TK || [Completed️]
FanfictionYou're just like a butterfly From afar, I steal glances; if we touch hands, will I lose you? Started : 17.08.21 Finished : 24.08.21