කාමරයේ වූ කැඩපතින් තමා දෙස බලාසිටි තද දුඹුරු පැහැ ෆුල් සූටයකින් සැරසුණු ජන්කුක් ගැඹුරු සුසුමක් හෙළා නිවසෙන් පිටවිය. කළු පැහැති ඔහුගේ කාරය නැගි ජන්කුක් අවසානයේ කාරය නතර කළේ ආලෝකමත් කර තිබූ උත්සවශාලාවක් ඉදිරියේ ය.
කාරයෙන් බැසි ජන්කුක් උත්සව ශාලාව දෙසට ඇදෙන්නට විය. ඔහුගේ පියවර ගානේ ඔහුගේ වටෙන් කැමරා ආලෝකයන් හා බොහෝ පිරිසක් පොරකන්නට විය. උත්සව ශාලාවේ ආරක්ෂකයන් කිහිප දෙනෙකුගේ සහය හා ජන්කුක් උත්සවයට පිවිසීය.
සුදු පැහැති මල් හා ආලෝකයන්ගෙන් ශාලාව ඇතුළත සරසා තිබුණි. පසුබිමෙන් රෝමාන්තික බැලඩ් ගීයක් වැයෙන්නට විය, ඔහුගේ කැමැත්තම පරිදි.
උල්සාන්හීදී හමුවූ නම්ජුන් ද තැබෑරුම්හලේදි නිතරම දුටු ජිමින් ද සමග ජන්කුක් මද කතා බහක යෙදුණේය.
ඉන් පසු ජන්කුක් පියනැගුවේ සියුමැලි බවක් හා වෙලුණු ඔහු වෙතට. ඔහුගේ කළු පැහැ ගැන්වූ කොණ්ඩය ඔහුගේ කෝටය හා හොදින් ගැළපී තිබුණේය.
ඔහු චාම් වූ කඩවසම් බවකින් පිරී සිටියේ ය.පියවරෙන් පියවර ඔහු වෙතට ළං වූ ජන්කුක්ගේ දෑස් ඔහුගේ දෑස් හා මොහොතකට බැදුණි. සිනහවක් සංග්රහ කළ ජන්කුක් ඒ බැදීමෙන් මිදුණේය.
" සුභ පැතුම් හ්යුන්ග් "
ටේහ්යුන් හා අතට අත දුන් ජන්කුක් ඔහුව වැළදගත්තේය. ඔවුන් හා මොහොතක් ගත කළ ජන්කුක් නිවෙස වෙත පිටත් විය.
..
.
..
.
.
දින පහක් ගත වී තිබුණි. අයිෆල් කුළුණ පෙනෙන මානයේ පැරිස් හී නවාතැනක සිට ඔහු ලැවැන්ඩර් මල් වලින් රස ගන්වා තිබූ තේ පානය පසෙකින් තැබූයේ ඔහුගේ කල්පනාව අතරතුර එහි උණුසුම පහව ගොස් තිබූ හෙයිනි.
" ටේහ්යුන් සර් "
අයිෆල් කුළුණ වෙත නෙත් යොමා සිටි ටේහ්යුන් ඔහුගේ දෑස් එයින් ඉවතට ගත්තේ ඔහුට ඇසුණු හඩත් සමග.
" සර්ට තෑගි පාර්සලයක් ඇවිත් තියෙනවා "
" ඒක ඇතුළට ගේන්න "
වර්ණවත් කඩදාසියකින් පාර්සල් කර තිබූ තරමක් විශාල වූ එය කාමරය වෙත ගෙන ආ සේවකයා එය තබා එතැනින් පිටවී ගියේය.
එය අතට ගත් ටේහ්යුන් එය ද රැගෙන බැල්කනියේ වූ පුටුවක් මත හිදගත්තේය. හමා යන්නට වූ මද නලය ඔහුගේ කැරැලි කොණ්ඩය මදක් එහෙ මෙහෙ කරන්නට වූවා.විශාල ප්රමාණයෙන් යුතු වූ තෑග්ග ආවරණය කර තිබූ වර්ණ කඩදාසිය ඔහු ගලවා ඉවත් කරන්නට විය. ගලවා හැරෙන කුඩා කඩදාසි කැබැල්ලක් පාසා මතු වූයේ වර්ණවත් කැන්වස් සිත්තමකි.
එහි වර්ණ සංකලනය ටේහ්යුන්ගේ රූපයට වෙනස් අලංකාරක් ගෙනැවිත් තිබුණි. කැන්වස් සිත්තම මත සීතල වූ තම දිගු ඇගිලිවලින් ස්පර්ශයක් ගෙන යන අතරතුර ඔහුගේ නෙත ගැටුණේ එහි ලියා තිබූ පද පෙළකට.
Alone in cold winter ,
the petals feel like snow.The last spring i have spent on,
was phenomenal.Even there a new beginning,
there will be only summer, autumn and winter.
Polaroids will kiss us with a grace.
You were the wonderful ballad of life.Wishes to a beautiful life that glime with a romantic ballad!
Your dearest
Jungkook.~• නිමි •~
............................................................................................................
ඔව් ඉවරායී😀
මේ කතාවේ අන්තිම වෙනකන් හිටිය ඔක්කෝමට ගොඩක් ස්තුතියි...💜️
කතාව තේරෙන්න ඇති කියලා හිතනවා
කමෙන්ට්, වෝට් කරපු හැමෝටමත් කියවලා හොරෙන් ගිය අයටත් ගොඩක් ස්තුතියි ...ඒ හැමෝටම ආදලෙයි😘ගොඩක් කෙටි චැප්ටර්ස් තිබුණේ.ඔයාලට කම්මැලි හිතුනද දන්නේ නෑ
අවසානයේ හැමෝගෙන්ම පොඩි හරි කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙනවා😊
ගොඩක් පරිස්සමෙන් ඉන්න හැමෝම.
stay safe lovelies❤
luv you 💜️~ Chipissi ~
YOU ARE READING
Ballad || TK || [Completed️]
FanfictionYou're just like a butterfly From afar, I steal glances; if we touch hands, will I lose you? Started : 17.08.21 Finished : 24.08.21