8

285 102 14
                                    

ටේහ්‍යුන් හා ජන්කුක් නිතරම හමුවිය, තැබෑරුම්හලේදි මෙන්ම හඩ පුහුණුවීම් වලින් පසුවද. ඔවුන් දෙදෙනා මේ හමුවීම් කතාබහ සමග තව තවත් සමීප වන්නට විය.

ටේහ්‍යුන් හා සමීප වූ කාලයේ පටන් ඔහුගේ දෑස් සිපගැනීමට කදුළක් හෝ උත්සාහ නොදැරුවේය.

සෑම දිනකම පාසා ටේහ්‍යුන් ජන්කුක්ව හමුවූවද පෙර දින ඔහු ජන්කුක් හමුවීමට නොගියේය. ඔහුටවත් නොකියා ලබා ගත් නිවාඩු දිනයේ ටේහ්‍යුන් ජන්කුක්ට දුරකථන ඇමතුමක්වත් නොගත්තේය.

ඊළග දිනයේ උදෑසනම අවදි වූ ටේහ්‍යුන් රිබනයකින් සැරසූ කුඩා පෙට්ටියක් ද රැගෙන සැරසුණේ ජන්කුක්ගේ නිවස වෙත යාමට.

අවුල් වූ කොණ්ඩය ද සමග පැමිණි ජන්කුක් ටේහ්‍යුන්ව පිළිගත්තේය. ජන්කුක් හා සිනාවුණු ටේහ්‍යුන් ඔහුගේ ඇදෙන් ඉදගත්තේය. තම අතැතිව තිබූ බෑගයෙන් ගත් කුඩා පෙට්ටිය ටේහ්‍යුන් ජන්කුක්ට දුන්නේය.

" සුභ උපන්දිනයක් ජන්කුක් "

විශාල වූ දෑස් හා ජන්කුක් ටේහ්‍යුන් දෙස බලාසිටියේ ය.

" හ්‍යුන්ග් කොහොමද දැනගත්තේ "

" ඔයාගේ හයිස්කූල් රිපෝර් බුක් එකක තිබිලා දැක්කේ. ඕක ඇරලා බලන්න "

පෙට්ටිය ඔතා තිබූ ලා නිල් පාට කවරය ගැලවූ ජන්කුක් පෙට්ටිය විවෘත කළේය. එක වරම ටේහ්‍යුන් වෙතට යොමු වූ ඔහුගේ දෑස් පැවසූවේ ඔහු පුදුමයකට පත්ව ඇති බවයි.

" පොලරොයිඩ් කැමරාවක්. ඒත් හ්‍යුන්ග් ඇයි මේ තරම් වියදම් කළේ "

" ඒක මගෙ කැමැත්ත ජන්කුක්. ඔයා කැමති නිසයි මන් ඒක ගත්තේ "

ජන්කුක්ගේ දෑස් කදුළින් දිලිසුණි.

" ස්තුතියි හ්‍යුන්ග් "

ඔහු ටේහ්‍යුන්ව වැළදගත්තේය, ඔහුගේ උණුසුම. ඒ උණුසුමෙහි දැවටී සිටීමට ජන්කුක්ගේ සිත බොහෝ ඇලුම් කළේය.
ජන්කුක්ගේ උරහිසින් මෘදු ව අල්ලා ඔහුව වැළගැනීමෙන් ඈත් කළ ටේහ්‍යුන් ජන්කුක්ගේ රෝස පැහැ වූ කම්මුල් සිපගත්තේය. ජන්කුක්ගේ කම්මුල්වල රෝස පැහැය රත් පැහැයට හැරෙන්නට ඒ සිපගැනීම් බොහෝ දක්ෂ වූවා.

Ballad || TK || [Completed️]Where stories live. Discover now