"යො.. යොබුසේයෝ.."
මගේ කටහඩ අනිත් පැත්තෙන් ඇහෙද්දි මට කකුල් පන නැතුව ගියා.."ආහ්.. යො.. යො.. යොබුසේයෝ.. යොබුසේයෝ.. ට්.. ටේ.. ටේද මේ.. "
එහා පැත්තෙ කෙනා කලබල වෙලා මං හිතන්නෙ.. මට හිනා ගියා.."දේ.. මේ යස්සනීද කතාකරන්නේ... "
"ඇහ්.. "
"හුටා.. මොකක්ද මෝඩයෝ ඒ කිව්වේ.."
"මං ඇහුවේ මේ.. යුමීද.. "
"ඔව්.. මේ.. ඉන්න මං ගන්නම් මේකෙන් කෝල් එක.. මගේ ෆෝන් එකේ සල්ලි හුගක් කැපෙයි.. "
යකෝ..මෙච්චර අමාරුවෙන් ගත්ත කෝල් එක කට් කරා නේද.. මේකි කුණු ලෝබියෙක්ද කොහෙද.. මෙච්චර දෙයක් වෙලා තියෙද්දි මේ මගුලේ සල්ලි කැපෙන එක ගැන හිතුවනේ අම්මපා.. ඇයි දෙයියනේ කෙල්ලො මේම..
මං බැන බැන ඉද්දි කෝල් එකක් ආවා.. අහ්.. මගේ එකෙන් ගන්නවා
"යොබුසේයෝ.. "
"මගේ සල්ලි ඉවර කරාද ඔයා.. "
"මොකක්..? "
මේ කෙල්ල යකෝ මෙච්චර දේවල් වෙලා තියෙද්දි අහන ප්‍රශ්නේ.. හහ්.. කොල්ලට මල පැන්නා.."තමුසේට මොංගල්ද ඕයි.. ඕවා ගැන අහන්න මේ වෙලා තියෙන දේවල් ගැන තමුසෙට පුදුම නැද්ද..?"
"පුදුමයි.. "
මොකක්.. මේකිට පිස්සුද දන්නෑ.. මගේ ඇග ඇතුලේ ඉන්නේ පිස්සියෙක්ද.. ටේගේ හිත බයකින් පිරිල ගියා..
(මට හිනා යනවා මේක කියවද්දි යුමි කියන්නේ ඔයා කියලා මවාගන්න 😂😂)
"හරි කමක් නෑ.. කියන්න මගේ හ්යොන්ග්ලා හොදින් ඉන්නවද.. කුකී හොඳින්ද.. ජිමිනා එහෙම.. "
"හොදින් හොදින්.. මගේ පවුලෙ අය කොහොමද හොදින්ද.. "
හුරතලේට කතා කරන කෙල්ල නිසා ටේගේ මූණට හිනාවක් ආවා..අයිෂ් ටේ ඒ තවුසෙමයි කතා කරන්නේ..ආපු හිනාව එහෙම්ම ටේ ගෙන් අතුරුදහන් වෙලා ගියා
(😂)
"ඔව් ඒ අය හොදින්.. ඒයි මේ තමුසේ මගේ ඇග හොදට බලාගන්නවා නේද.. මූණ එහෙම කැත කරලා අහුවෙන්නෑ.."
"ඔ.. ඔව් අනේ.. ඔව්.. සේරම හොඳින්... මෙයාලා මට හොදට සලකනවා.. "
තුවාල උන අත දිහා බලන් උමී කිව්වා..