නම්ජුන් බබාව කරට අරන් මගේ දිහා බලල ඇස් වලින් කිව්වෙ මටත් ලෑස්ති වෙන්න කියලා.. මේ මාලිගාව ඇතුලෙ හිරවෙලා ඉදලා මටත් එපාවෙලා හිටියේ.. මං පැනගෙන ගියේ මගේ රූම් එක හොයාගන්න.. අන්තිමට ටෙරීම තමයි මට රූම් එක හොයල දුන්නෙ.. මං ඉක්මනට චූටි පටි තියන කහපාට ගවුමක් ඇදගෙන කොන්ඩෙ කඩල දාලා චූටි මේකප් එකක් කරන් පහලට ආවා.. මම යද්දි ජුන් කෙල්ලත් එක්ක හුරතලේ.. මාව දැක්ක ගමන් ප්රින්සස් කෑ ගහගෙන ආවා..
"අලේ බේබී ලත්තනයි.. සුලංගනාවියත් වදේ.. නේද අප්පියා..."
මගේ මූණ දෙපැත්තෙන් අල්ලන් කියවන පැටියව මං තදකරල බදාගෙන ඒ රෝස කම්මුල ඉම්බා.. මං ඇස් උස්සල බලද්දි ජුන් සාක්කු දෙකට අත් දාගෙන මගේ දිහා හිනා වෙවී බලන් ඉන්නවා.. එයා එයාගේ ඇස් වලිනුත් හිනා වෙනවා.. සුදු ෂර්ට් එක කලු කලිසමට යට කරල අත් වැලමිට ගාවට නවලා උඩ බොත්තම් දෙක ගලවලා කොන්ඩෙ උස්සලා ඉන්න නම්ජුන්ව දකින ඕන කෙනෙක්ට පිස්සු හැදුන්නැත්තම් තමයි පුදුමේ..
"ලස්සනයි.. පුංචි සුරංගනාවියක් වගේ.. සීතල නැද්ද.."
නම්ජුන් මං ගාවට ඇවිත් අහනකල් මම හිටියේ එයා දිහා බලන් වෙනම ලෝකෙක..
ඒ දඟකාර ඇස් මගේ දිහා බලන් ඉන්න බැල්මට මම ලැජ්ජාවෙන් බිම බලාගත්තා.."න්නැහැ.."
"ම්ම්ම්ම්.. ගජා.. "
මම ප්රින්සස්ව වඩාගෙන ඉස්සරහ ෂීට් එකට නැග්ගා.. ටෙරී අපි දෙන්නා දිහා හිනාවීගෙන බලන් ඉන්නවා.. අපි ගියේ හොටෙල් එකකට.. ලොකුම ලොකු හොටෙල් එකකට.. අවංකව කතා කරොත් මේ වගේ එකකට මම අඩිය තියලම නෑ මීට කලින්.. මේ මිනිස්සු මගේ දිහා බලන්නේ නිකන් අමුතු සතෙක් දැක්කා වගේනේ.. මම කට වහගෙනම ජුන් පස්සෙන් බිම බලාගෙන ගියේ මට දැනුන අපහසුතාවයට..කල්පනාව පිට බිම බලන්ම ගියපු මගේ ඔලුව ජුන්ගේ පිටේ වැදුන පාර ඔලුව උස්සද්දි එයා හැරිල මගේ දිහා බැලුවා.. ඒ ඇස් කලබල වෙලා.. මට අමුත්තක් දැනුනත් ඒ ගැන අහන්න උනේ නෑ..
"අපි යමු.. "
"ඒ.. ඒත් මොකද එකපාරටම_"
"කිව්වනේ.. යමු.. "
මාවත් ඇදගෙන කා එකට ආපු නම්ජුන් නැගල ස්ටියරින් වීල් එකට ඔලුව තියාගත්තා.. මොකද උනේ කියලා අහන්න ඕන උනත් මම සද්ද නොකරම කෙල්ලව බදාගත්තා.. හිත අහන්නෙම අහන්න කියලා.. ඕන එකක්..
