Regret

766 120 36
                                    

"යා.. යා.. තමුසේ.. තමුසේ මොකක්ද කිව්වේ.. ඇයි දුවන්නේ නවතිනවා.. පාබෝ.. ආයි#$@.. අහුවුනොත් ඉතුරු කරන්නෑ.. යා.. "

"ඒයි නවත්තනවා ඒරුල්.. යාහ්.. අලිච්චි දගලන්නෙපා ඕයි.. ඔම්මා හක්ක.. යා.. "

එයාගේ සමහර වචන මට නොතේරුනත් පිටිපස්ස බල බල දුවන කොල්ලොන්ට පලු යන්න බනිනවා කියලා නං තේරුනා.. මම ඉන වටේ අත් දෙකම දාලත් මෙල්ල කරන්න බැරිම තැන උරහිස් වලින් අල්ලලා මගේ පැත්තට ඒරුල්ව හරවගත්තේ කේන්තියෙන්.. කේන්ති ගියාම යක්සනී වගේ.. දැන් කේන්ති ගත්තෙත් මට අනන් මනං කියන කොල්ලො සෙට් එකත් එක්ක.. ගිනි  පිටවෙන ඇස් මගේ පැත්තට හැරෙද්දි ඒ මූණ දැකලා මගේ හිනාව එලියට පැන්නා..

"මොකද.. "

"තමුසේගෙ මූණෙ රතු.. රාමේන් කඩේ අජුම්මාගෙ වගේ..  "

"අනේ යනවා.. අර සේජිල් අච්චර නෝන්ජල් කතා කියද්දි කට වහන් ඉදලා දැන් බොරුවට මට දෙසනවා.. බූරු පැටියා.. "

"මං කියලා තියනවා තමුසෙට තේරෙන්න කතා කරන්න කියලා..රෙද්ද
අනික එවුන්ව ගනන් ගන්නෙපා.."

"ඉතින් මගේ භාෂාවත් ඉගෙන ගන්නවකො.. ජපන් චීන තායි අරාබි සේරම පුළුවන් එක්කෙනාට සිංහල ඉගෙන ගන්න එක එච්චර අමාරු දෙයක්ද.. "

"අනේ මේ වැඩේමයි.. මෙන්න මෙහෙ එනවා යන්න.. ඔය බේරෙන හොටු පිහිදගන්නවා.. හොටුපෙත්ති.. "

මේ කෙල්ල කොරියාවට ආව දවසෙ ඉදන් හොටු පෙරෙනවා..මේ සීතල දරාගන්න බෑ අලිච්චි වගේ හිටියට. මගේ ජැකට් එක ගලවලා ඇන්දුවෙ ඒ නිසා.. බෝලෙ වගේ හිටියට මගේ ජැකට් එකත් ලොකුයි... ජැකට් අතෙන් හොටු පිහිදනවා මං බලන් හිටියේ අප්පිරියාවෙන්..

"ඊයා ඕයි.. "

"ඇයි.. "

"ඕකෙන් පිහිද්දෙ.. "

"තවුසෙ ගාව ලේන්සුවක් තියනවද.. "

"නෑහ්.. "

"මං ගාවත් නෑ.. sooo simple.. ගජා.. "

"මාව අල්ලන්නෑ.. ඊඊඊඊඊඊ.. යනවා අහකට.. හොටු සොම්බි.. "

"ම්වෝ.. යාහ්... ඉන්නවා මං පෙන්නන්න සොම්බි.. අද  මොලේ කනවා මං.. ඉන්නවා.. "

✨_______________________________________

"සුගා.. ඔයාගේ සෝලෝ එක ඊලගට..
රෙඩි වෙලා ඉන්න.. "

 ONESHOTSTempat cerita menjadi hidup. Temukan sekarang