යුන්ගී ඔප්පා හිනාවෙවී මං ඉස්සරහට ආවා.........මං ටේ දිහා බැලුවේ මේ මොකද අහන්න.......ඒත් එයා හිනා වෙනවා........එකපාරටම යුන්ගී ඔප්පා බිම දණ ගැහුවා........
🐱 මින් හා........විල් යූ මැරී මී..........🥺
ඔප්පා කිව්ව දේවල් මට ඇහුනේ හහීනෙන් වගේ.......ඔප්පා මට ආදරේ කියලා මං දන්නවා මට දැනුනා......ඒත් මං කවදාවත් ඔප්පා ගැන එහෙම දැනිලා නෑ........🙂 මං හැමෝම දිහා බැලුවේ මට දැනුන අසරණකමට........හැමෝම හිනාවෙනවා ඒත් එක්කෙනෙක් ඇරෙන්න.......ඔප්පා තාමත් බිම දණගහාගෙන මං දිහා බලාගෙන ඉන්නවා........මට මාව මරාගන්න තරම් කේන්තියක් දැනෙන්නේ දැන්........මං එහෙමම ඔප්පා ලඟ දණ ගහාගත්තා......ඇස් වලින් කඳුලු පේලි ගනන් වැටෙන්න ගත්තාත් මං ඒ කිසිම දෙයක් ගනන් නොගෙන ඔප්පාගේ මූණ මගේ අත් දෙකට ගත්තා.......
" මං ඇත්තම කියන්නම්.......මට ඔයාව දැනුනා......මගේ ටේට වැඩිය ඔයා මං ගැන හොයලා බැලුවා.....මට අරක හොඳ නෑ මේක හොඳ නෑ කියලා කියනකොට ඔය හිතේ මං වෙනුවෙන් ආදරයක් තියෙනවා කියලා මට දැනුනා......ඒත් මට ඒ ආදරේ සහෝදරයෙක් මට දෙන ආදරේ විදිහටයි දැනුනේ........මට සමාවෙන්න ඔප්පා......මට මේකට කැමති වෙලා ඔයාගේ ජිවිතේ විනාස වෙන්න දෙන්න බෑ........මං ආදරේ ගැන හිතන්නේ කොහොමද කියලා මේ කාටත් වවැඩිය ඔයා දන්නවා නේද පූස්.........මාව තේරුම් ගන්න පුළුවන් නේද ඔයාට.......🥺🥺 සමාවෙන්න මගේ පූස්........."
මං කියන දේවල් හරිම සංයමයකින් ඔප්පා අහන් හිටියේ......මුළු ප්රැක්ටිස් රූම් එකම නිහඬයි........මං හැමෝම දාලා එලියට ආවේ ටේගේ කෑගැහිල්ලවත් අහන්නේ නැතුව.......කාර් එකත් ස්ටාර්ට් කරගෙන මං කෙලින්ම ආවේ කාත් කවුරුත් නැති පාලු පැත්තකට........ස්ටීරියන් වීල් එකට ඔළුව තියාගෙන මං කාර් එක ඇතුලටම වෙලා කෑගහලා අඬන්න ගත්තේ මගේ පපුව පැලෙන්න තරම් වේදනාවක් මට දැනුන නිසා..........
" මට සමාවෙන්න ඔප්පා.........මට සමාවෙන්න 😭😭😭😭 මට මගේ ජිවිතේට වඩා මගේ ඔප්පාගේ ආදරේ වටිනවා.......එයා වෙනුවෙන් මට ඕන දෙයක් කරන්න පුළුවන්........😭😭😭 මට සමාවෙන්න ඔයාලා මාව තේරුම් ගනි කවදාහරි........."
ස්ටීරියන් වීල් එකට ඔළුව තියාගෙන හිටිය මං එහෙමම ඇස් පියාගත්තා........
YOU ARE READING
Mr.Sunshine ❤️ ( Completed )
Fanfictionකිසිම දෙයක් බලෙන් ලබාගන්න බෑ මිස්ටර් ජන්ග් හෝසක් 🤨