Chapter 08 🌞

196 52 21
                                    

මං දැක්කේ කෙල්ලෙක් තුරුළු කරන් නිදාගෙන ඉන්න හොබීව.....මං ඉස්සරහට යන්න හදනකොටම ජිමින් මගේ අතින් අල්ලගත්තා......මං රවලා ජිමින්ගේ අතත් ගසලා ඇඳ ලඟට ගියා.....මට දැනුනේ දුකක්ද කේන්තියක් කියලා මට හිතාගන්න බෑ.....මං ඇඬුවේ නෑ......මං ඒත් එක්කම ගිහින් වින්ඩෝ එකේ කර්ටන් එක අයින් කරා......වින්ඩෝ එකෙන් එන එලිය කෙලින්ම වැටුනේ හොබීගේ මූණට.......ජිමින් මේ හැමදේම බලාගෙන ඉඳලා බැරිම තැන එලියට ගියා.....මූණ⁣ට වැටුන ඉර එලියට හොබී ඇස් ඇරියා......මං ඉන්නවා කියලාවත් නොදැන හොබී එයා ලඟ හිටිය කෙල්ලගේ තොල් වලට බර වුනා......මං ඒත් එකක්ම හොබීගේ ඉස්සරහට ආවා......මාව දැක්කා විතරයි හොබී ගැස්සිලා ඒ කෙල්ලගෙන් ඈත් වුනා.....

🐿️ මින් හා......

ඒත් එක්කම හොබී ලඟ හිටිය කෙල්ල ඇහැරලා හොබීට තවත් ලංවුනා....බැලූ බැල්මට පේනවා ඒ කෙල්ලගේ ඇඟේ නූල් පොටක්වත් නෑ කියලා......මට දැනුනේ මාව පිච්චෙනවා වගේ.........මං අඩියට දෙකට ගිහින් ඒ ගෑනිගේ අතින් ඇදලා ඇඳෙන් බිමට දැම්මා......ඒ ගෑනි බෙඩ්ශිට් එකත් ඇඟ වටේ ඔතාගෙන නැගිට්ටා.......

" Wtf කවුද බේබී මේ.......🤨 "

මං ඒ ගෑනිගේ කොණ්ඩෙන් ඇදලා අල්ල ගත්තේ කේන්තිය වැඩිකමට..........හොබී මං දිහා බලාගෙන හිටියේ පුදුම වෙලා වගේ....සමහරවිට එයා මගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නැතුව ඇති 😏

" ආහ් මං කවුද කියලා ද තමුසේට දැනගන්න ඕනේ.......🤨 "

" තමුසේ කවුරුත් වුනත් මට වැඩක් නෑ.....බබා මෙයාට කියන්න මගේ කොණ්ඩේ අතාරින්න කියලා......🤨 මට රිදෙනවා 😫 "

🐿️ මින් හා ඔය කෙල්ලව අතාරිනවා......😐

ඒත් ඒක්කම මං ඒ කෙල්ලව හොබීගේ ලඟට තල්ලු කරලා දැම්මා........ඇඳ වටෙන් කැරකීලා මං ආයේ හොබී ලඟට ගියා......මං හොබීගේ මූණට ලංවුනා.......ඒ ඇස් හැමදාම මාව පිස්සෙක් කරනවා.......

" මේක අහගන්න මිස්ටර් හෝසක් තමුන් මීට කලින් මොන වගේ ජිවිතයක් ගත කරාද කියලා මට වැඩක් නෑ.ඒත් දැන් තමුසේගේ ජිවිතේ මාත් ඉන්නවා.තමුසේ කරන මේ වැඩ මගේ ජිවිතේටත් බලපානවා ඒක නිසා මේ දේවල් ලෝකේට හොරෙන් කැමතිනම් ගෙදරට වෙලා කරගන්නවා තැන තැන යන් නැතුව.........මට දුකක් නෑ තමුසේ ගෑනියෙක් එක්ක ඉන්නවා දැක්කාම මට දැනුනේ කලකිරිමක් විතරයි......ඒ මොකද දන්නවාද තමුසේ ටිකක් හරි හැදෙයි කියලා හිතපු එක.....😏 ඒත් මට වැරදුනා.දැන්වත් ගෙදර යනවා "

Mr.Sunshine ❤️ ( Completed ) Where stories live. Discover now