'ජිමින් ඔයා තාම කාටවත් දුන්නෙන් විදලා නෑ.. දැන් අවරුදු පන්දහස් විසි හයක් වෙනවා.. මෙහෙම ගියොත් ඔයාව තනතුරෙන් අයින් කරයි..'ජිමින්ගේ හොදම යාළුවා වූ සඳදෙව් දුවගේ දෙවන පුත්‍රයා ටේහියුන්ග් පැවසුවා..
'මං මෙහෙම තනතුරක් ඉල්ලුවේ නෑ.. මට මේකෙන් කොමහරි අයින් වෙන්න තමයි ඕනේ..මේ වගේ කම්මැළි වැඩක් කරන්න මං කැමති නෑ..'
'මොකක් ජිමින් තමුන්ට මොලේ නැද්ද මට ඔහොම දුන්නක් තිබ්බනම් මං හිතෙන හිතෙන හැමෝටම විදිනවා.. එක හරිම විනෝදයි..'
'ඔව් එදා මගේ දුන්න අරන් ජල දෙව්දුවගේ පුතාට විද්දා වගේද..?'ජිමින් සමච්චල් සහගත බැල්මක් ටේහියුන්ග්ට හෙළන ගමන් කීවා..
'ඕක නවත්තනවා ජිමින් කොහොමත් එයා මට කැමැත්තෙන් හිටියේ.. ඔයාගේ ඊතලේ වැදුනත් නැතත් එයා තමා මගේ සහකරුවා..'
'ආ... මං හිතන්නේ ඊතලේ එයාගේ වැදිලා අයෙමත් ඔයාගේ පැත්තට ඇවිල්ලා වැදුණු නිසා ඔයාට එහෙම හිතෙනවා ඇති..'
'ජිමින් තමුන් තමා දුන්නේ අයිතිකාරයා.. එහෙම වෙලත් තමුන් දන්නේ නැද්ද ඇයි ඒ ඊතලේ ආයෙමත් මගේ ඇවිත් වැදුනේ කියලා..'
'මං කොහොමද දන්නේ.. මං කවදාවත් දුන්න පාවිච්චි කරේ නෑනේ.. සමහර විට එහෙම තමා ඊතලය සහකරුවන් දෙන්නා හොයාගන්නවා ඇත්තේ.. ඒම බලද්දී එනම් ඔයා තමා ජල දෙව්දුවගේ පුතාගේ සහකාරයා..'ජිමින් මුණට බැරෑරුම් පෙනුමක් ගන්න ගමන් අන්තිම ටික කීවා..
'ඔව් එහෙම තමා.. ජන්කුක් තමයි මගේ සහකාරයා.. දැන් වත් ඔයාට ඕක තේරුම් ගන්න පුළුවන් වුණු එක ලොකු දෙයක්..'
'හුම්.. මං යනවා.. 'ජිමින් ඉදගෙන හිටපු වලාකුළ උඩින් නැගිටලා ගියා..
'කොහෙද යන්නේ..?' ටේහියුන්ග් ජිමින් යන දිහාව බලාගෙන ම හයියෙන් කෑගැහුවා..
'මනුෂ්‍ය ලෝකෙට.. එක පාරක් හරි දුන්න පාවිච්චි කරන්න ඕනේ..'එහෙම කියලා ජිමින් අතුරුදහන් වුණා..
_________________________________________
12:50
13.9.21_Whalian_
20:30
13.10.21
YOU ARE READING
𝐂𝐔𝐏𝐈𝐃 | 𝙼𝚈𝙶 ; 𝙿𝙹𝙼 [Short Story √ ]
Fanfiction[ 4 ] YOONMIN SINHALA SHORT STORY Started - 13.9.21 at 11:53 Ended - 13.9.21 at 13:36 Published - 12.10.21 at 20:37