වෙහෙසකර දවසක අවසානයේ
මගේ ගැලවුම් කරුවා කොහේද?
කරුණාකර කවුරුන් හෝ ඇවිත්
මා මුදවාගන්න
මේ සෝ සුසුම් වලින්
හැමෝම සතුටින් සිනාසෙද්දී
ඔබටවත් මා දෙස බැලිය හැකිද?
මොකද මම වේදනාවෙන්
කැඩපත පුරා කදුලු ගලා යද්දී
එතුල මගේ සිනාවන් සැගවී ගිහින්වැරැද්ද මොකක්ද මම දන්නේ නෑ
කුඩා කාලයේ සිටම මගේ මනසෙහි
නිල් ප්රශ්නාර්ථ රැසක්
සමහර විට ඒ නිසා තමයි මම මගේ ජීවිතය වෙනුවෙන් මේ සටන් කරන්නේ
නමුත් පිටුපස හැරී බලන විට
මම ඔහේ සිටගෙන ඉන්නවා
මගෙන සෙවනැල්ල මාව ගිල දමන තාක්
ඒත් මගේ ප්රශ්න තවමත් එහෙම්මමයි
එය මහන්සියද
පසුතැවීමද
නැත්නම් තනිකමද
මම තවමත් දන්නේ නැහැ,
නමුත් මම මෙයින් පිටවිය යුතුයිමට සතුටින් සිටීමට අවශ්යයි
මට සීතලයි මාව උණුසුම් කල හැකිද
මම ගණන් කළ නොහැකි වාර ගණනක් මගේ අත දිගු කරා
මේ දෝංකාරයට වර්නයක් නෑ
ඒ නිසා මං තනියම ගායනා කරනවා
මොකද මට සතුට අවශ්ය නිසා
මේ සියල්ල මට විශාල බරක් ලෙස දැනෙන්නෙ
මං ඕනෑවට වඩා හිතන නිසාද?මට තවමත් මගේ හදවත දැනෙනවා
මගේ වේගවත් හුස්ම මට දැනෙනවා
මම සීතල වීදිවල ඇවිද යද්දී
මම වේදනාවෙන් සිටිද්දි
කරුණාකර මාව තනි කරන්න එපා,
එය ඕනෑවට වඩා මා රිදවන නිසා..මම නිතරම ඇවිදින මේ මග,
මේ ආලෝකය
අද නුහුරු නුපුරුදු දෙයක් මෙන් දැනෙනවා
මම එයට හුරු වෙයිද
එය මට විශාල බරක් ගෙන එනවා
ඒ නිසාම මම එය මග අරින්නට උත්සහ කලත්
මට මාවම නොදැනී යනවා
නමුත් මා බිය වන්නේ නෑ
වර්න මා කලඹවද්දී
අලු පැහැය මට සුවයක් ගෙන එනවා
අළු මුහුණු මිලියන ගණනක් සමඟ
වැස්ස වැටෙන විට මම නටනවා
මේ නගරය පුරා, එයයි මගේ ලෝකයමට සතුටින් ඉන්න ඕන
කරුණාකර මගේ අත්වල උණුසුම කල හැකිද
සීතලයි, ඒ නිසා මට ඔබෙන් උනුසුම තවත් අවශ්යයි
හදවතේ සියලු වේදනාවන් මා රිදවද්දී
මම තනියම ගායනා කරනවා
අනාගතයේ ඔබ සමග සිනාසීමටඒ සියල්ල නිම වූවායින් පසුව
මම සුවසේ නිදා ගන්නම්..~ BLUE AND GRAY ~
song by BTS
written by BTS V
YOU ARE READING
𝐓𝐀𝐄𝐇𝐘𝐔𝐍𝐆'𝐒 𝐃𝐈𝐀𝐑𝐘 | 𝐕𝐊𝐎𝐎𝐊 ✔︎
Fanfiction[ T A E K O O K ] ජීවිතේ කියන්නෙම හිතන්නෙ නැති දේවල් සිද්දවෙන අමුතුම නවාතැනක්. මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්... ලෝකෙට හිනාවක් ගේන කෙනෙක් ගැන.. උඩු හුළඟ ගිනිගෙන දැවී අවුළුවාලූ බැඳුනු හදවත් යදී යළි සෙනෙහසක කඳුලක් ඉටි පහන් දී අල්තාරයේ ලඟින් රැඳි සෙව...