#05 TAEHYUNG'S DIARY | SORRY TAETAE 🦋

925 238 37
                                    

' ජිමිනා '

' අහ්හ්හ්හ්හ් '

' එපා '

' එපා '

' ටේ '

' ටේ '

' එපා............... '

මාව ගැස්සිලා ඇහැරුනේ මගෙ කාමරේ දොර ගලවන්න තරම් හයියෙන් ඒකට ගහන ගමන් එළියෙන් කට්ටිය කෑගැහනවා ඇහුන නිසාද නැත්නම් මන් දැකපු දේ නිසාද කියන එක ගැන මට හරියට තෙරුමක් තිබුණේ නැහැ.....

මන් ඇත්තටම බය වෙලා හිටියේ..ඒක නිසාම මම ඉක්මනට දුවලා ගිහින් දොර ඇරියා...යුන්ගි හ්‍යුන්ග් එක්ක ජින් හ්‍යුන්ග් මාව මරාගෙන කන්න වගේ බලාගෙන හිටියා..ඒත් මම ඉක්මනට යුන්ගි හ්‍යුන්ව බදාගෙන අඩන්න ගත්තා..

මම හරියට අම්මා දාලා යන්න ඔන්න මෙන්න ඉන්න පොඩි ළමයෙක් වගෙ හයියෙන් ඇඩුවා..එළියේ මේ විදිහට අඩන එක අවදානම් කියලා ජින් හ්‍යුන්ග් කිව්ව නිසා යුන්ගි හ්‍යුන්ග් මාවත් එක්කන් රූම් එක ඇතුළට ආවා..ජින් හ්‍යුන්ග් ජූන් හ්‍යුන්ට මන් එන්න පරක්කු වෙන එක ගැන කියන්නම් කියලා අපි දෙන්නව එතන තනි කරලා යන්න ගියා..

" ජිමිනි ඇයි මේ,මොකද්ද උනේ " අන්තිමට යුන්ගි හ්‍යුන්ග් කතා කළා..ඒත් මට දෙන්න උත්තරයක් තිබුණේ නැහැ..මට කොහොමත් එයාට කියන්න බැ...ඒත් හීනේ... මන් මොකක්ද ඒ දැක්කේ..

" හ්‍යුන්ග්...... හ්‍යුන්ග් "

" ඔව් කියන්න ජිමිනි " හ්‍යුන්ග් මාව හ්‍යුන්ගේ ලැප් එකට අරගෙන මාව හ්‍යුන්ගේ පපුවට හේත්තු කර ගත්තා.. හිමිට මගේ ඔලුව අත ගාන ගමන් හ්‍යුන්ග් බලාන හිටියේ මන් කොයි වෙලේ හරි ඒක එයාට කියනවා කියලා දන්න නිසා..ඒත් මට සමාවෙන්න හ්‍යුන්ග්...මට හැමදේම ඔයාට කියන්න බැහැ..

" හ්‍යුන්ග් මම ටේව දැක්කා "

හ්‍යුන්ග් 'මොකක් කොහෙද ' වගේ බැල්මක් මට දැම්මත් මගෙන් මොකුත් ඇහුවේ නැහැ..මම දන්නවා එයා ඉන්නේ මම එයාට කියනකම් කියලා..ඒක නිසා මම කතාව පටන් ගත්තා..

" හ්‍යුන්ග් ඒ ඇක්සිඩන්ට් එක..මන් ඒක හිනේන් දැක්කා...මගෙ ටේටේ.... එයා....එයා....ඒ....කා....කාර් එක ඇතුලේ හිටියා....මම දැක්කා....මම දැක්ක්කා.....හ්‍යුන්ග් "

𝐓𝐀𝐄𝐇𝐘𝐔𝐍𝐆'𝐒 𝐃𝐈𝐀𝐑𝐘 | 𝐕𝐊𝐎𝐎𝐊 ✔︎Where stories live. Discover now