හවස ඇතිවෙච්ච සිද්ධියෙන් පස්සෙ කව්රුත් වැඩිය කතාබහ කරේ නෑ..
කිසි සද්දයක් නැතුව රෑ කෑමත් ගත්තට පස්සෙ නම්ජුන් කාමරේට ගියත් අනික් අයත් එකා පස්සෙ එකා වැටිලා නම්ජුන්ගෙ කාමරේට ආවෙ ජූන්ව පුදුම කරමින්.ඇයි මේ
ගිහින් නිදාගන්න කට්ටියමහ්යුන්ග්...
හ්ම්ම්ම්ම්...කුකී..???
මේ... මේ... ඩයරි එක....
හ්යුන්ග් අපි ඒක බලමුද..
ජුනා.... ප්ලීස්...
අනේහ් හ්යුන්ග්....
එක එක්කෙනා එක එක විදිහට එකම දේ ඉල්ලන නිසා නම්ජුන් තමන්ගෙ කාමරේ තිබුනු ලොකර් එකක් ඇරලා ඩයරි එක අරන් එතන තිබුනු සෝෆා එක ළඟ බිම ඉදගත්තා.
කුකී ජිමින් එක්ක ජූන්ගෙ දෙපැත්තෙන් එබෙනකොට ජින්, යුන්ගි , හෝබි තුන්දෙනා සෝෆා එක උඩ ඉදන් ජූන්ගෙ ඔලුවට උඩින් එබුනා.
හැමෝටම කුතුහලයක් තිබුනා ඩයරියේ ඇතුලාන්තය දකින්න.ඒත් ඒක ඒ තරම් සුන්දර මතක වලින් පිරුනු එකක් නොවෙන බවත් ඒ අය හොදාකාරවම දන්න දෙයක් නිසා හිතේ තිබුනෙ දෙගිඩියාවක්.ටිකකින් ජුන් අහම්බෙන් වගේ එකපාරටම ඩයරි එකේ පිටුවක් පෙරලුවා...හැමෝම එකපාරටම ඩයරි එකට එබුනෙ පුදුම උනන්දුවකින්.
"අයිඩල් කෙනෙක් වෙන එක කොයිතරම් අමාරු වැඩක්ද කියලා දැන් තමයි තේරෙන්නෙ. ආච්චිගෙ ආසාව වෙනුවෙන් ගොඩක් දේවල් දරාගෙන , ගොඩක් දේවල් කැපකරගෙන මේ ආපු ගමන දකින්න අන්තිමේ එයා හිටියෙත් නෑ මං ගාව..
මේ විදිහට හැමදේම අල්ලගෙන ඉස්සරහට යන්න *දැනට මගෙ මේ පවුල මට ලොකු ශක්තියක්..ඒත්...
ඉස්සරහ ගැන මට තියෙන්නෙ එච්චර ස්තීර විශ්වාසයක් නෙවේ..
අයිඩල් කෙනෙක්ගෙ ජීවිතයක් කියන්නෙ **ඔප දාපු මැටි භාජනයක් වගේ.....
YOU ARE READING
𝐓𝐀𝐄𝐇𝐘𝐔𝐍𝐆'𝐒 𝐃𝐈𝐀𝐑𝐘 | 𝐕𝐊𝐎𝐎𝐊 ✔︎
Fanfiction[ T A E K O O K ] ජීවිතේ කියන්නෙම හිතන්නෙ නැති දේවල් සිද්දවෙන අමුතුම නවාතැනක්. මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්... ලෝකෙට හිනාවක් ගේන කෙනෙක් ගැන.. උඩු හුළඟ ගිනිගෙන දැවී අවුළුවාලූ බැඳුනු හදවත් යදී යළි සෙනෙහසක කඳුලක් ඉටි පහන් දී අල්තාරයේ ලඟින් රැඳි සෙව...