#14 TAEHYUNG'S DIARY | PAINFUL MEMORIES -3 💔

860 245 139
                                    

කුකී... අදට ඇති නේද ම්
යන්න නිදාගන්න කට්ටියම.
හෙට හවසට අපිට ශූට් එකක් තියෙනවානේ..

නම්ජුන්ට ඕන වුනේ ටිකක් හරි මේ පරිසරය වෙනස් කරලා කට්ටියගෙ අවදානෙ වෙන අතකට තියන්න.. තවදුරටත් මේ විදිහට ඩයරිය කියවන එක නම්ජුන්ටත් අමාරු දෙයක් උනා..

නෑ හ්‍යුන්ග් අපි අද මේක ඉවර කරන්න ඕන.මේ වැටෙන කදුලු අද රැයින්ම අපි ඉවරකරන්න ඕන. තවත් දවසකට මේ දුක ඉතුරු කරගෙන අරන් යන්න අපිට බෑ හ්‍යුන්ග්...ඇති නැද්ද දැන් මේවා...

කිසිම කතාවක් නැතුව මෙච්චර වෙලා හිටපු හෝබි කිව්වෙ හැමදාම හිනාවෙන එයාගෙ ඇස් රතුකරගෙන..

මේ අහිංසක ජීවිත වලට දෙවියො මේ දෙන දුක ඕනවට වැඩී කියලා බලන් ඉන්න ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන්..

හෝබිගෙ වගේම අනික් අයගෙත් දැඩි ඉල්ලීම නිසා නම්ජුන් දිගටම කියවන්න තීරණය කරා. ඒ වෙනකොට පාන්දර එකටත් කිට්ටු වෙලා

Page ; x*

" ජිමිනි..
මගෙ ජීවිතේම කොටසක් වෙච්ච ඔයා කෝ චිමියො. මට කියන්න ගොඩක් දේ තියෙනවා ඒත් ඉස්සර වගේ අපිට කතාකරන්න වත් නිදහසක් නෑ නේද චිමියො...
මට පාලුයි...
මගෙ කූ දැන් මගෙ ළඟ නෑ චිමී...
ගොඩක් දවස් ඉදන් එයා මගෙන් ඈතට යනවා..මට බයයි , එයා වගේම ඔයත් මගෙන් ඈත්වෙයි කියලා මට ගොඩක් බයයි

දන්නවද චිමියො , මගෙ ජීවිතේ මං ආදරේ කරන ගොඩක් දේවල් මගෙන් ඈත්වෙනවා...

පොඩි කාලෙ මට ඔම්මා , අප්පා එක්ක ඉන්න බැරිවුනා මට.මං වැඩියෙන්ම ආදරේ කරපු ඒ දෙන්නා ජීවිතේ වැඩි හරියක් මගෙන් ඈත්වෙලා හිටියෙ .
ඊටපස්සෙ මාව හදලා වඩලා ජීවිතේට හීන ගෙනත් දීලා ඒ හීන පාටකරන්න පටන් ගන්නකොටම මගෙ ආච්චිත් මාව දාලා ගියා චිමී..
මගෙ ජීවිතේ ඇත්ත දැනගෙන මගෙ චූටි මල්ලි මාව දැන් මගාරිනවා ,
මගෙ නංගි මගෙන් ටික ටික ඈත්වෙනවා..
මං ඒතරම් පව්කාර කෙනෙක්ද චිමී..
මං මොනවද කරන්න ඕනෙ.
අන්තිමේ මට ලැබුනු අලුත් පවුල , ඔයාලව, මගෙ කුකීව රැකගන්න මං මොනවද කරන්න ඕන..

මගෙ ආදරේ වෙනුවෙන් මං මගෙ මේ බැන්ග්ටෑන් පවුල කැඩෙන්න දෙන්න ඕනද , නැත්නම් පවුල රැකගන්න මගෙ කූව අතාරින්න ඕනද....
අන්තිමේ හැමෝම වගේ ඔයත් මාව දාලා යනවද චිමී...
එකපාරක් ඉස්සර වගේ මාත් එක්ක ඇවිදින්න යමු.. බීච් එකට යමු...එකම වතාවක් ඉස්සර වගේ අයිස් ක්‍රීම් කමු.
මේ සොල් වල පාරවල් දිගේ , හන් ගගේ පාලම උඩින් අපි ඇවිදිමු..
මේ හැමදේම ඔයාට කියලා හිත නිදහස් කරගන්න එතකොට මට පුලුවන් වෙයි චිමී.

𝐓𝐀𝐄𝐇𝐘𝐔𝐍𝐆'𝐒 𝐃𝐈𝐀𝐑𝐘 | 𝐕𝐊𝐎𝐎𝐊 ✔︎Where stories live. Discover now