Chapter 02

1.1K 233 58
                                    

මං මේ ලෝකෙ ආසම දේ... මං මේ ජිවිත කාලෙට ඇන්ද ලස්සනම චිත්‍රෙ.. කවුරුවත් දකිනවට අකමැති.. මං විතරක් දකින්න කැමති චිත්‍රෙ.. ඒ මගෙ ඒන්ජල්.. මං දන්නෑ එයා කවුද කියල.. ඒත් මං එයාට කියන්නේ මගෙ ඒන්ජල් කියල..

කැබින් එකට ආව මං දැක්කෙ මගේ ඒන්ජල් ගෙ ඉස්සරහ හිටගෙන එයා දිහා බලාගෙන ඉන්න කෙනෙක්ව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කැබින් එකට ආව මං දැක්කෙ මගේ ඒන්ජල් ගෙ ඉස්සරහ හිටගෙන එයා දිහා බලාගෙන ඉන්න කෙනෙක්ව...

"ඒයි...."

සුදු රෙද්දකින් වහලා දාලා තිබ්බ මගේ ඒන්ජල්ගෙ චිත්‍රෙ ඒ කෙනා අයින් කරලා තිබ්බා.. මට ඇති වුනේ පුදුම කේන්තියක්.. මොකද මං කැමති නෑ මගේ ඒන්ජල් ව මං ඇරෙන්න තව කෙනෙක් දකිනවාට.. ඒ කේන්තියත් එක්කම මං මහ හයියෙන් කෑ ගැහුවෙ ඒ හිටපු කෙනාවත් බය කරලා..

"තමුන්- තමුන් මොකක්ද මගේ ඒන්ජල් දිහා බලාගෙන කරන්නේ..?"

ඒ හිටියෙ නම්ජූන් හියොන්ග්ගෙ මල්ලි.. ඒත් එයා හිටියෙ මූන වැහෙන්න මාස්ක් එකක් දාගෙන.. 'මෙයාට බෝ වෙන ලෙඩක්වත් තියෙනවා ද දන්නෑ මාස්ක් දාගෙන ඉන්නෙ?, නැත්තම් ලෙඩ මෙයාට බෝ වෙයි කියල වෙන්න ඇති... එහෙමත් නැත්තම් මෙයා කැත ඇති.. මූණ පෙන්නන්න බැරි තරම්...'

මං එයා ගැන හිත හිත ඉද්දි එයා මාව පියවි සිහියට ගත්තා..

"ඒන්ජල්..?"

"ඔව්.. ඒන්ජල් තමයි.. ඇයි මොකක්ද ප්‍රශ්නෙ..?"

මං ගහන්න වගේ අහද්දි එයා කලේ මං දිහා බලාගෙන හිටපු එක විතරයි.. ඒ නිසා මං ආයෙ කතා කලා..,

"යා... අයින් වෙනවා ඔතනින්..."

"ඔයා මෙයාව දන්නවා ද?"

"නෑ..."

"එහෙනම් ඇන්දේ?"

"ඒක තමුන්ට වැඩක් නෑ නේ... දැන්වත් ඔතනින් අයින් වෙනවා.."

LOVE OF ETERNITY | ✔Where stories live. Discover now