දෙවසරකට පසු කුමර මාළිගය :
"කුමරුනී..."
සවස් යාමයේ එළිමහනේ තුරු සෙවනක් යටට වී සා පැටවෙකු අතේ තබාගෙන සුරතල් කරමින් සිටි කුමරු ටේහියුන් පිටුපස හැරී බැලුවා..
"කූ..."
කුමරු තම සුපුරුදු සිනහව දක්වමින් පවසන විට ජන්කූක් පැමිණ කුමරු අසලින් තුරු සෙවණට වී අසුන් ගත්තා..
"සමාවන්න කුමරුනි.. අද උදෑසනම ඔබ හමුවීමට නොපැමිණීම සම්බන්ධව.."
"එයට කම් නැහැ.. මන්ද ඔබ උදෑසන නොපැමිණියේ..?"
ජන්කූක් කුමරු ළඟ සිටි සා පැටවා ව තමා ළඟට ගත්තා.
"අද උදෑසන බොහෝ කලකට පසු මගේ සොයුරා පැමිණියා.. එනිසා මා ඔහු සමඟ කාලය ගත කලා කුමරුනි.."
"ඔහ්.. මා ඔහුව මතක් කල බව පවසන්න.."
"එසේය කුමරුනි.. මා පවසන්නම්.."
ජන්කූක් සා පැටවා සුරතල් කරන අතරතුර කුමරු ටේහියුන් තව තවත් ජන්කූක් අසලට පැමිණ ඔහුගේ ඉන වටා දෑත් යවා ඔහුව වැළඳ ගත් විට ජන්කූක් ද තම හස්තයක් කුමරු වටා ගෙන ගොස් කුමරුව තවත් ඔහුට ළං කර ගත්තා..
"කූ.. හෙට දිනය ඔබට අමතක ද??"
"හෙට දිනය? කුමක්ද හෙට දිනෙහි විශේෂත්වය..??"
කුමරු දෙස දෑස් විශාල කර බැලූ ජන්කූක් දුටුවේ සුරතල් ලෙස යටි තොල පෙරළාගෙන තමා හට රවමින් සිටින සුරතල් ව්යාග්ර පැටවෙකුයි..
"පෙනේද...? ඔබට එය අමතකයි.."
"කුමරුනි.. සැබවින්ම හෙට දිනෙහි කුමන විශේෂත්වයක් ද?? "
"ආහ්.. ඔබ මා හඬවනවා කූ..."
කුමරු ටේහියුන් ජන්කූක්ගෙ පපු ප්රදේශයට පහරක් ලබා දී එහා මෙහා වී ඇති ජන්කූක්ගේ ඇඳුම තුළින් පෙනෙන ශක්තිමත් ශරීරය මතින් තම සියුමැලි ඇඟිලි වලින් රටා මැව්වා..
"මගෙ කුමරුනි... මා හට කෙසේද එය අමතක වන්නේ..?? මීට පස් වසරකට පෙර හෙට වැනි දිනක දී අප දෙදෙනා ආලයෙන් වෙළුනේ... එසේ නොවෙද??"
YOU ARE READING
LOVE OF ETERNITY | ✔
Historical Fiction(COMPLETED) 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 | 𝐇𝐈𝐒𝐓𝐎𝐑𝐈𝐂𝐀𝐋 ♡︎ "A love that flows through many souls, no one can separate.. Even if one soul was separated, their fate brought them together in this soul.. Because even fate loves true love.. They will be born...