Chapter 05

840 198 27
                                    

වර්තමානය,

ජන්කූක් hospitalized වෙලා පහු වෙනි දවස..

"ජූන්.. මොකක්ද ජූන් මේ වෙන්නේ..?? දැන් කොච්චර වෙලා ගිහින් ද? ඇයි ජන්කූක් නැගිටින්නෙ නැත්තේ...?"

"බය වෙන්න එපා බබා..එයාට මුකුත් වෙන්නේ නෑ.. ජිමින් කිව්වානේ.. එයා නැගිටින දවස ගැන හරියටම  කියන්න බෑ කියල.. එයා ඉක්මනටම එයාගෙ හියොන්ග්ව බලන්න නැගිටී පණ.."

නම්ජූන් තම පෙම්වතාගෙ හිත හැදුවෙ එයාගෙ හිතෙත් කොනක තිබුන චකිතය හංගගෙන..

"මගෙ කොල්ලා.. මං එයාව බලා ගත්තේ මලක් වගේ... හරිම අහිංසකයි මෙයා.."

ජින් ජන්කූක්ගෙ ඇඳ ළඟින් ඉඳගෙන ජන්කූක්ගෙ කොණ්ඩෙ අස්සෙන් ඇඟිලි යවන ගමන් කතා කලා..

"ඔයා දන්නවද ජූන්? ජන්කූක් කියන්නේ මගේම සහෝදරයා නෙවෙයි.. මට එයාව හම්බෙන්නෙ මං හයිස්කූල් යන්න පටන් ගත්ත දවසේ.. මං එදා හවස ගෙදර එද්දි හොඳටම වහිනවා.. මේ පුංචි පැටියා හිටියෙ ෂොප් එකක් ළඟ බිම ඉඳගෙන.. එතකොට එයාට අවුරුදු 6ක් 7ක් විතර.. එයා වැස්සට තෙමිලා හොඳටම වෙව්ලනවා.. මං එයා ළඟට ගියා.. එයා මං දිහා බලාහිටියේ හරියට තෙමිච්ච පුංචි හා පැටියෙක් වගේ.. මං එයාගෙ ඔම්මා අප්පා ගැන ඇහුවාම එයා පෙන්නුවේ අහස.. මට එදා ඒක නොතේරුනත් එයාගෙ ඔම්මා අප්පා දෙන්නම මැරෙන්න ඇති කියල මගෙ ඔම්මා මට කිව්වා.. මට දුක හිතුනා එයාව එතන දාලා එන්න.. මං එයාවත් වඩාගෙන ගෙදර එක්කගෙන ආවා.. අපෙ ඔම්මා අප්පා උනත් එයාට අකමැති වුනේ නෑ.. දවස් දෙකක් යනකම් එයාට උණ තිබ්බා.. උණ අඩු වෙලා නැගිටිද්දි එයාට එයා කවුද කියල මතක තිබ්බෙ නෑ.. එයාගෙ නම දැනගත්තෙත් අතේ බැඳල තිබ්බ වොච් එකේ පිටිපස්සෙ ගහල තිබ්බ නිසා.. ඒකෙ ගහල තිබ්බෙ To : Jeon Jungkook, From : Appa කියල.. එයාට ජන්කූක් කියන නම දීලා ජියොන් වෙනුවට කිම් කියල දැම්මා.. එයා කිම් ජන්කූක් විදිහට කොලේජ් ඉවර වෙනකම්ම හිටියා.. ඒත් එක දවසක් එයා මාව හොයාගෙන ආවෙ හිතුවෙවත් නැති දෙයක් මගෙන් ඉල්ලන්න.."

අවුරුදු තුනකට පෙර කිම් නිවසේ දී :

"හියොන්ග්... හියෝ...............න්ග්.. ඔයා ඉන්නව ද??"

LOVE OF ETERNITY | ✔Where stories live. Discover now