Chapter 07

804 205 21
                                    

වර්තමානය..

දැනට දවස් තුනක් වෙනවා මගේ කුකී සිහිය නැතුව.. ඇයි මෙහෙම වුනේ..? මං නිසා ද? මං එයාගෙ ඒන්ජල්ගෙ රූපෙ විනාශ කරන්න ගියපු නිසා ද??මට සමාවෙන්න මගෙ කූ...

ඔයාලා බලනවා නේද මං කවුද කියල.. මං තමයි එයා.. ජන්කූක්ගෙ ඒන්ජල්.. අවුරුදු එක්දාස් හාරසිය අසූවකට කලින් මං තමයි ජෝස්න් වල දෙවෙනි කුමාරයා.. Prince ටේහියුන්.. ජින්හන් රජුගෙ දෙවෙනි පුතා.. ජින්හන් රජතුමාට නැත්තම් ඒ කාලෙ මගෙ අප්පට පිරිමි ළමයි දෙන්නෙක් හිටියා.. මාත් එක්ක තව කෙනෙක්.. වර්තමානෙ වගේම ඒකාලෙත් මගේ හියොන්ග් වෙලා හිටියෙ නම්ජූන් හියොන්ග්.. එයා තමයි ඒ කාලෙ කිරුළ හිමි කුමාරයා.. එතකොට ඒ කාලෙ මගෙ පණ වුනේ මේ ඉන්න ජන්කූක්.. මගෙ පතාගෙන එන ආදරේ..

අපි ආත්ම කීයක් එකට හිටිය ද වෙන් වුනා ද කියන්න දන්නෙ නෑ.. මට මතක එක ආත්මයක් විතරයි.. මං හිතන්නේ ඒ තමා අපේ ආදර කතාවෙ ආරම්භය..

හරිම පුදුමයි.. මට අපෙ සම්පූර්ණ කතාවම මතකයි.. ඒත් මගෙ එකම ආදරේ වුන මගේ කූගෙ මූණ මතක නැහැ.. අපේ ආදර කතාව ම⁣ට පොඩි කාලෙ ඉදන්මයි හීනෙන් පේන්නෙ.. හරියටම අවුරුදු 12 බර්ත්ඩේ එක දවසෙ ඉදන්.. මං හිතන්නේ කූ ටත් එහෙම වෙන්න ඇති.. මොකද අපේ ආදර කතාව පටන් ගන්නෙ අවුරුදු 12 න් නිසා..

මං ඕස්ටේලියා ඉදන් කොරියාවට ආවෙ ජූන් හියොන්ග් කොරියාවට එන්න සතියකට කලින්.. අප්පගෙ කම්පැනි එකේ වැඩක් නිසා හියොන්ග් ට මාත් එක්ක කොරියාවට එන්න බැරි වුනා.. මේ මං කොරියාවට ආව පලවෙනි වතාව.. කලින් එන්න ආසාවක් නොතිබ්බත් මොකක්දෝ හේතුවකට මට මේ පාර නම් එන්නම ඕන කියල හිතුනා.. හියොන්ග් කියපු විදිහට මං එයාගෙ ගෙදර ගිහින් නතර වුනා.. ⁣සතියක්ම හිටියෙ තනියම.. කොහෙවත් යන්නවත් කවුරුවත් නෑ.. හියොන්ග්ගෙ හොඳම යාළුවා, ඒ වගේම බිස්නස් පාට්නර් හොබී හියොන්ග් ඇවිත් දවස් තුනක්ම මාව එක එක තැන් පෙන්නන්න එක්කගෙන ගියත් එයාට කම්පැනි එකේ වැඩ නිසා ආයෙත් මාව එක්කගෙන යන්න වුනේ නෑ... කොහොමින් හරි සතියකට පස්සේ හියොන්ග් ආයෙත් කොරියාවට එවනවා කිව්ව නිසා මං එයාර්පෝර්ට් එකට ගියේ එයාව ගන්න.. ඒ ගිහින් එන අතර තුරත් එයා කිව්වේ 'අද පොඩි එකාගෙ එක්සිබිෂන් එක.. වෙනදා වගේම සුපිරියට ඇති..' කියල.. පොඩි එකා කවුද කියල අහන්න ඕන වුනත් කට අරින්න කම්මැලිකම නිසා මං අහන්න ගියේ නෑ..

LOVE OF ETERNITY | ✔Where stories live. Discover now